සැප්තැම්බර් 7න් පටන්ගන්නා සතිය සඳහා වැඩසටහන
සැප්තැම්බර් 7න් පටන්ගන්නා සතිය
ගීතිකා අංක 57 සහ යාච්ඤාව
සභා බයිබල් පාඩම:
“දෙවිගේ ප්‍රේමය” 9වෙනි පරි. 1-12 ඡේ. සහ 115වෙනි පිටුවේ කොටුව (විනා. 30යි)
සේවා පාසැල:
බයිබල් කියවීම: 2 රාජාවලිය 12-15 (විනා. 8යි)
අංක 1: 2 රාජාවලිය 13:12-19 (විනා. 3ක් හෝ ඊට අඩුවෙන්)
අංක 2: මිය ගිය අයට ලැබෙන්නේ මොන වගේ ජීවිතයක්ද?—w13 10/1 16 පි. (විනා. 5යි)
අංක 3: ග්‍රීක ලියවිල්ලට ඇතුළත් වන පොත්වල තියෙන්නේ මොනවාද?—igw 31 පි. (විනා. 5යි)
සේවා රැස්වීම:
මාසයේ තේමාව: “මමත් මගේ පවුලේ අයත් යෙහෝවා දෙවිට මිස වෙන කිසිවෙකුට නමස්කාර කරන්නේ නැහැ.”—යොෂු. 24:15.
විනා. 10: ප්‍රතිඵල මොනවාද? සාකච්ඡාවක්. “සේවයේ දක්ෂ වීමට අලුත් අයව පුහුණු කරන්න” යන ලිපියේ තිබුණ මඟ පෙන්වීම් අදාළ කරගැනීමෙන් ලැබුණ ප්‍රයෝජන ගැන අහන්න. ලැබුණ හොඳ අද්දැකීම් ගැන පැවසීමටත් ආරාධනා කරන්න.
විනා. 10: ඔබ පවුලක් හැටියට රැස්වීම්වලට යනවාද? හෙබ්‍රෙව් 10:24, 25 මත පදනම් කතාවක්. දරුවන් ඉන්න පවුලක් කැඳවන්න. රැස්වීම්වලට මුල් තැන දෙන්න පවුලේ මූලිකයා වගබලා ගන්නේ කොහොමද? නොකඩවා රැස්වීම්වලට යන්න පවුලේ හැම සාමාජිකයෙක්ම දායක වෙන්නේ කොහොමද? ඒවාට සූදානම් වෙන්නේ කොයි වෙලාවෙද? යන්න මොන වගේ කැප කිරීම්ද කරන්නේ? නොකඩවාම රැස්වීම්වලට එන්නත් සහභාගි වෙන්නත් කියලා සබයට දිරිගන්වමින් අවසන් කරන්න.
විනා. 10: ඔබ නෑදෑයන්ටත් බයිබලයේ තියෙන සත්‍යයන් ගැන කියනවාද? (ක්‍රියා 10:24, 33, 48) 2015 ‘වාර්ෂික පොතේ’ 87 පි. 1-2 ජේ. සහ 90 පි. 1-3 ඡේ. මත පදනම් සාකච්ඡාවක්. ඉගෙනගත්ත පාඩම් ගැන සබයෙන් අහන්න.
ගීතිකා අංක 118 සහ යාච්ඤාව