ඔන්ලයින් ලයිබ්‍රරි
වොච්ටවර්
ඔන්ලයින් ලයිබ්‍රරි
සිංහල
  • බයිබලය
  • ප්‍රකාශන
  • රැස්වීම්
  • km 8/15 3 පි.
  • සේවා පාසැල් පුනරීක්ෂණය

මේකට අදාළ වීඩියෝ නැහැ.

සමාවෙන්න. යම් දෝෂයක් නිසා වීඩියෝ එක ලෝඩ් කරන්න බැහැ.

  • සේවා පාසැල් පුනරීක්ෂණය
  • 2015 අපගේ රාජ්‍ය සේවාව
2015 අපගේ රාජ්‍ය සේවාව
km 8/15 3 පි.

සේවා පාසැල් පුනරීක්ෂණය

පහත සඳහන් ප්‍රශ්න 2015 අගෝස්තු 31න් පටන්ගන්නා සතියේ පැවැත්වෙන සේවා පාසැලේදී සලකා බලයි.

  1. සලමොන් හදවතින්ම කරපු යාච්ඤාවේදී යෙහෝවා දෙවි ගැන කිව්වේ මොනවාද? ඒවා ගැන කල්පනා කරන එක ප්‍රයෝජනවත් වෙන්නේ කොහොමද? (1 රාජා. 8:22-24, 28) [ජූලි 6, w05 7/1 30 පි. 3 ඡේ.]

  2. දාවිත් “මුළු හදවතින්ම” දෙවි අණ කරපු හැම දේකටම එකඟව ජීවත් වුණා. ඔහුගේ ආදර්ශයෙන් අපි දිරිගැන්වෙන්නේ මොනවා කරන්නද? (1 රාජා. 9:4) [ජූලි 13, w12 11/15 7 පි. 18-19 ඡේ.]

  3. යෙහෝවා දෙවි එලියාව සාරෆෙත්හි වැන්දඹුව වෙතට යැව්ව සිද්ධියෙන් අපිට ඉගෙනගන්න පුළුවන් මොකක්ද? (1 රාජා. 17:8-14) [ජූලි 27, w14 2/15 14 පි.]

  4. 1 රාජාවලිය 17:10-16 තියෙන වාර්තාව ගැන කල්පනා කිරීමෙන් යෙහෝවා දෙවිව මුළු හිතින්ම විශ්වාස කරන්න අරන් තියෙන අපේ අධිෂ්ඨානය ශක්තිමත් වෙන්නේ කොහොමද? [ජූලි 27, w14 2/15 13-15 පි.]

  5. අධෛර්යය වුණ කෙනෙක්ට එලියාගේ ආදර්ශයෙන් ඉගෙනගන්න පුළුවන් මොකක්ද? (1 රාජා. 19:4) [අගෝ. 3, ia 102-103 පි. 10-12 ඡේ.; w14 3/15 15 පි. 15-16 ඡේ.]

  6. තම විශ්වාසවන්ත සේවකයා වුණ එලියා අධෛර්යය වෙලා ඉන්නවා දැක්ක යෙහෝවා දෙවි ක්‍රියා කළේ කොහොමද? අපේ ප්‍රේමණීය දෙවිව ආදර්ශයට ගන්න අපිට පුළුවන් කොහොමද? (1 රාජා. 19:7, 8) [අගෝ. 3, w14 6/15 27 පි. 15-16 ඡේ.]

  7. ආහබ් රජුට එලියා ගැන තිබුණේ මොන වැරදි අදහසද? ඒ වගේ වරදක් නොකර ඉන්න අපිට පුළුවන් කොහොමද? (1 රාජා. 21:20) [අගෝ. 10, lv 188-189 පි. කොටුව; w14 2/1 14 පි. 3-4 ඡේ.]

  8. එලිෂා එලියාගෙන් ඉල්ලුව දෙයින් අපිට ඉගෙනගන්න පුළුවන් මොනවාද? ඉගෙනගත්ත ඒ දේවල් අපිට අලුත් පැවරුමක් ලැබුණාම උදව් වෙන්නේ කොහොමද? (2 රාජා. 2:9, 10) [අගෝ. 17, w03 11/1 31 පි. 5-6 ඡේ.]

  9. 2 රාජාවලිය 5:1-3 සඳහන් ඊශ්‍රායෙල් දැරියගේ විශ්වාසවන්තකමින් හා නිර්භීතකමින් යෞවන යෞවනියන්ට ඉගෙනගන්න පුළුවන් මොනවාද? [අගෝ. 24, w12 2/15 12-13 පි. 11 ඡේ.]

  10. මේ අවසාන කාලයේදී යෙහෝවා දෙවිගේ හැම සේවකයෙක්ම යේහුගෙන් ඉගෙනගන්න ඕන මොන වගේ ගුණාංගද? (2 රාජා. 10:16) [අගෝ. 31, w11 11/15 5 පි. 4 ඡේ.]

    සිංහල ප්‍රකාශන (1993-2026)
    ලොග් අවුට්
    ලොග් ඉන්
    • සිංහල
    • ලින්ක් එක යවන්න
    • සොයන ආකාරය සකස් කරගන්න
    • Copyright © 2026 Watch Tower Bible and Tract Society of Pennsylvania
    • භාවිත කිරීමේ නීති
    • පෞද්ගලික තොරතුරු රැකීම
    • Privacy Settings
    • JW.ORG
    • ලොග් ඉන්
    ලින්ක් එක යවන්න