ජූනි 8න් පටන්ගන්නා සතිය සඳහා වැඩසටහන
ජූනි 8න් පටන්ගන්නා සතිය
ගීතිකා අංක 34 සහ යාච්ඤාව
සභා බයිබල් පාඩම:
“දෙවිගේ ප්‍රේමය” 5වෙනි පරි. 1-6 ඡේ. සහ 60, 61වෙනි පිටුවල කොටු (විනා. 30යි)
සේවා පාසැල:
බයිබල් කියවීම: 2 සාමුවෙල් 19-21 (විනා. 8යි)
අංක 1: 2 සාමුවෙල් 19:24-37 (විනා. 3ක් හෝ ඊට අඩුවෙන්)
අංක 2: ජීවිතය සතුටින් ගත කරන්න පුළුවන් කොහොමද?—igw 22 පි. 1-3 ඡේ. (විනා. 5යි)
අංක 3: පව්වලට සමාව ලබාගන්න පුළුවන්ද?—w13 5/1 15 පි. (විනා. 5යි)
සේවා රැස්වීම:
මාසයේ තේමාව: “අතීත දවස් සිහි කරන්න.”—ද්වි. 32:7.
විනා. 10: “අතීත දවස් සිහි කරන්න.” මාසයේ තේමාව මත පදනම් කතාවක්. ද්විතීය කතාව 4:9; 32:7 සහ ගීතාවලිය 71:15-18 කියවලා සාකච්ඡා කරන්න. අතීතයේ හිටිය විශ්වාසවන්ත අය සහ සිද්ධීන් මතක තියාගන්න එකෙන් අපිට ලැබෙන ප්‍රයෝජන ගැන පැහැදිලි කරන්න. පවුලේ නමස්කාරයේදී ‘මුරටැඹ’ සඟරාවේ “අතීතයෙන් බිඳක්” කියන ලිපි විටින් විට සාකච්ඡා කරන්න කියලා දිරිගන්වන්න. සේවා රැස්වීමේ සමහර කොටස් මාසයේ තේමාවට අදාළ වෙන විදිහ සලකා බලන්න.
විනා. 20: “සේවයේ දක්ෂ වීමට දොරකඩ ළඟ ඉඳලා ‘ප්‍රීතිමත් පණිවිඩයක්’ සඟරාවෙන් පාඩමක් පටන්ගන්න.” සේවා සංවිධායක කරන සාකච්ඡාවක්. සභාවේ ක්ෂේත්‍ර සේවා වාර්තාවට අනුව තව බයිබල් පාඩම් හුඟක් පටන්ගන්න අවස්ථාව තියෙනවා කියලා සඳහන් කරන්න. අද්දැකීම් ලත් ප්‍රචාරකයෙක් කොටුවේ තියෙන යෝජනාව යොදාගෙන දොරකඩ ළඟ ඉඳලා බයිබල් පාඩමක් පටන්ගන්න විදිහ නිරූපණය කරන්න. මේ විදිහට බයිබල් පාඩමක් පටන්ගන්න හැමෝටම දිරිගන්වන්න.
ගීතිකා අංක 29 සහ යාච්ඤාව