මැයි 4න් පටන්ගන්නා සතිය සඳහා වැඩසටහන
මැයි 4න් පටන්ගන්නා සතිය
ගීතිකා අංක 63 සහ යාච්ඤාව
සභා බයිබල් පාඩම:
“දෙවිගේ ප්‍රේමය” උපග්‍රන්ථය 237-239 පිටු (විනා. 30යි)
සේවා පාසැල:
බයිබල් කියවීම: 2 සාමුවෙල් 1-3 (විනා. 8යි)
අංක 1: 2 සාමුවෙල් 2:24-32 (විනා. 3ක් හෝ ඊට අඩුවෙන්)
අංක 2: දෙවියන්ටත් දුක හිතෙනවා - දුකක් නොදී දෙවියන්ව සතුටු කරන්න අපිට පුළුවන්—w13 9/1 14-15 පි. (විනා. 5යි)
අංක 3: ළඟදීම ඉටු වන දෙවිගේ පොරොන්දු—igw 16 පි. 4 ඡේ.–17 පි. 1 ඡේ. (විනා. 5යි)
සේවා රැස්වීම:
මාසයේ තේමාව: ඥානවන්තව “ලැබෙන සෑම අවස්ථාවකින්ම උපරිම ප්‍රයෝජන ගන්න.”—එෆී. 5:15, 16.
විනා. 10: සභා අවශ්‍යතා. අත්හදා බැලීමට යෝජනා නිරූපණය කරන්නත් පුළුවන්.
විනා. 5: මැයි සහ ජූනි මාසවල ඉදිරිපත් කරන ප්‍රකාශන. සාකච්ඡාවක්. ඉදිරිපත් කරන ප්රකාශනවල තියෙන හොඳ තොරතුරු කීපයක් සාකච්ඡා කරන්න. නිරූපණයක් කරන්න.
විනා. 15: කලාතුරකින් සේවය කරන ප්‍රදේශවල සාක්ෂි දැරීමේ ප්‍රතිඵල. වැඩිමහල්ලෙක් කරන සාකච්ඡාවක්. කලාතුරකින් සේවය කරන ප්‍රදේශවල සාක්ෂි දරලා තියෙන කෙනෙක් නම් හොඳයි. ‘හුදෙකලා ප්‍රදේශයක සාක්ෂි දැරීම - ඕස්ට්‍රේලියාව’ කියන වීඩියෝ එක පෙන්වන්න. (jw.org/si වෙබ් අඩවියේ අපි ගැන > වැඩකටයුතු යටතේ බලන්න.) ඒකේ පෙන්වන පවුල ඒ විදිහට සාක්ෂි දරලා ලැබුව ප්‍රතිඵල ගැන සාකච්ඡා කරන්න. කලාතුරකින් සේවය කරන ප්‍රදේශවල සාක්ෂි දරපු කෙනෙක් එක්ක සාකච්ඡාවක් කරන්න. පවුලේ අයට, දේවසේවයට සහ දෙවි එක්ක තියෙන බැඳීමට ඒක ප්‍රයෝජනවත් වුණේ කොහොමද? සැලසුම් කළේ මොන වගේ දේවල්ද? එහෙම සාක්ෂි දරන්න කවුරු හරි කැමති නම් වැඩිමහල්ලන් ඒකට උදව් කරයි. ඒ විදිහට සාක්ෂි දැරීම කාලයෙන් උපරිම ප්‍රයෝජන ගන්න හොඳ විදිහක් කියලා කාවද්දන්න.
අලුත් ගීතිකාව “ස්ථිරව ඉන්න කියා දෙන්න” සහ යාච්ඤාව
මතක් කිරීමක්: සභාවට පියානෝ වාදනය ඇහෙන්න සලස්වන්න. ඊටපස්සේ පියානෝ වාදනයත් එක්ක ගායනා කරන්න.