මිනිසුන්ට දේවවචනයේ බලය දැනෙනවාද?
කෙනෙක් ශුභාරංචියට කැමති නම් බයිබල් පදයක් කියවලා දේවවචනය කොච්චර බලවත්ද කියලා තේරුම්ගන්න ඔහුට උදව් කරනවා. පහුගිය එක්දින සමුළුවකදී ඒ ගැන අපිට කාවැද්දුවා. “දේවවචනය කොයි තරම් බලවත්ද කියලා තේරුම්ගන්න මිනිසුන්ට උදව් කරන්න” කියන දේශනය චාරිකා සේවක ඉදිරිපත් කළා. ප්රධාන කරුණු මතකද?
අපේ වචනවලට වඩා දෙවිගේ වචනය ගොඩක් බලවත් වෙන්නේ ඇයි?—2 තිමෝ. 3:16, 17.
අපේ සිතුම් පැතුම්, ආකල්ප, හැසිරීම හා විශ්වාසයන් නිවැරදි කරගන්න බයිබලය උදව් වෙන්නේ කොහොමද?—2012 ජූනි 15 ‘මුරටැඹ’ සඟරාවේ 26 පි. 7 ඡේ. බලන්න.
සේවයේදී දේවවචනයේ බලය කාවදින විදිහට බයිබල් පද කියවන්නේ කොහොමද?—‘සේවා පාසැල්’ පොතේ 148 පි. 3-4 ඡේ. සහ 2013 මාර්තු ‘රාජ්ය සේවාවේ’ 12 පි. 8 ඡේ. බලන්න.
බයිබල් පද තර්කානුකූලව පහදලා, අදාළ වෙන විදිහ පෙන්වලා දෙන එක වැදගත් ඇයි? ඒක කරන්නේ කොහොමද?—ක්රියා 17:2, 3; ‘සේවා පාසැල්’ පොතේ 154 පි. 4 ඡේ.-156 පි. 5 ඡේ. බලන්න.