ඔන්ලයින් ලයිබ්‍රරි
වොච්ටවර්
ඔන්ලයින් ලයිබ්‍රරි
සිංහල
  • බයිබලය
  • ප්‍රකාශන
  • රැස්වීම්
  • km 4/15 3 පි.
  • සේවා පාසැල් පුනරීක්ෂණය

මේකට අදාළ වීඩියෝ නැහැ.

සමාවෙන්න. යම් දෝෂයක් නිසා වීඩියෝ එක ලෝඩ් කරන්න බැහැ.

  • සේවා පාසැල් පුනරීක්ෂණය
  • 2015 අපගේ රාජ්‍ය සේවාව
2015 අපගේ රාජ්‍ය සේවාව
km 4/15 3 පි.

සේවා පාසැල් පුනරීක්ෂණය

පහත සඳහන් ප්‍රශ්න 2015 අප්‍රියෙල් 27න් පටන්ගන්නා සතියේ පැවැත්වෙන සේවා පාසැලේදී සලකා බලයි. එක් එක් ප්‍රශ්නයට අදාළ තොරතුරු සාකච්ඡා කරන සතිය කොටු වරහන් තුළ සඳහන් කර තිබෙනවා. ඒ, සෑම සතියකම සේවා පාසැල සඳහා සූදානම් වන විට තොරතුරු සෙවීම සඳහායි.

  1. රූත් නායොමිට පෙන්නුවේ මොන වගේ ප්‍රේමයක්ද? ඒ වගේ ප්‍රේමයක් තියෙන්න ඕන කවුරු අතරද? (රූත් 1:16, 17) [මාර්. 2, w12 7/1 26 පි. 7 ඡේ.]

  2. රූත්ට “ඉතා අගනා කාන්තාවක්” කිව්වේ ඇයි? (රූත් 3:11) [මාර්. 2, w12 10/1 23 පි. 1 ඡේ.]

  3. ප්‍රශ්නවලට මුහුණ දෙනකොට හන්නාව ආදර්ශයට ගන්න අපිට පුළුවන් කොහොමද? (1 සාමු. 1:16-18) [මාර්. 9, w07 3/15 16 පි. 4-5 ඡේ.]

  4. ‘යෙහෝවා දෙවිට ප්‍රසන්න ලෙස හැදී වැඩෙමින්’ හිටිය සාමුවෙල්ට ඒලීගේ පුතුන්ගේ වැරදි ආදර්ශය අනුගමනය කිරීමෙන් වැළකෙන්න පුළුවන් වුණේ කොහොමද? (1 සාමු. 2:21) [මාර්. 9, w10 10/1 16 පි. 3-4 ඡේ.]

  5. “කිසි කමකට නැති මිනිස්සු” සාවුල්ගේ රජකම පිළිගත්තේ නැතත් ඔහු රළු විදිහට ක්‍රියා කළේ නැහැ. ඒකෙන් ගන්න පුළුවන් පාඩම මොකක්ද? (1 සාමු. 10:22, 27) [මාර්. 23, w05 3/15 23 පි. 2 ඡේ.]

  6. කීකරු නොවී පූජාවන් දීලා දෙවිව සතුටු කරන්න පුළුවන් කියලා සාවුල් හිතුව එකෙන් අපිට ගන්න පුළුවන් පාඩම මොකක්ද? (1 සාමු. 15:22, 23) [මාර්. 30, w07 6/15 26 පි. 3-4 ඡේ.]

  7. යෙහෝවා දෙවි බලන්නේ කෙනෙක්ගේ “සිතේ තිබෙන දේ” කියලා දන්න එක සහනයක් වෙන්නේ ඇයි? (1 සාමු. 16:7) [අප්‍රි. 6, w10 3/1 23 පි. 7 ඡේ.]

  8. දුෂ්කර තත්වයන්ට මුහුණ දෙද්දී හිතෝපදේශ 1:4 කියන විදිහට යෙහෝවා දෙවි බලාපොරොත්තු වෙන්නේ අපි මොනවා යොදාගනියි කියලද? (1 සාමු. 21:12, 13) [අප්‍රි. 13, w05 3/15 24 පි. 4 ඡේ.]

  9. අබිගායිල්, දාවිත්ට සහ ඔහුගේ තරුණයන්ට ආහාර පාන දුන්න එක ස්වාමිපුරුෂයාගේ මූලිකත්වයට විරුද්ධව කැරලිගැසීමක් නොවන්නේ ඇයි? (1 සාමු. 25:10, 11, 18, 19) [අප්‍රි. 20, w09 7/1 20 පි. 3 ඡේ.]

  10. තමන් කරපු නැති දේකට අබිගායිල් සමාව ඉල්ලුවා. ඇගේ ආදර්ශය අපිට ප්‍රයෝජනවත් වෙන්නේ කොහොමද? (1 සාමු. 25:24) [අප්‍රි. 20, w02 11/1 5 පි. 1, 4 ඡේ.]

    සිංහල ප්‍රකාශන (1993-2026)
    ලොග් අවුට්
    ලොග් ඉන්
    • සිංහල
    • ලින්ක් එක යවන්න
    • සොයන ආකාරය සකස් කරගන්න
    • Copyright © 2026 Watch Tower Bible and Tract Society of Pennsylvania
    • භාවිත කිරීමේ නීති
    • පෞද්ගලික තොරතුරු රැකීම
    • Privacy Settings
    • JW.ORG
    • ලොග් ඉන්
    ලින්ක් එක යවන්න