අප්‍රියෙල් 27න් පටන්ගන්නා සතිය සඳහා වැඩසටහන
අප්‍රියෙල් 27න් පටන්ගන්නා සතිය
ගීතිකා අංක 121 සහ යාච්ඤාව
සභා බයිබල් පාඩම:
“දෙවිගේ ප්‍රේමය” 3වෙනි පරි. 16-21 ඡේ. (විනා. 30යි)
සේවා පාසැල:
බයිබල් කියවීම: 1 සාමුවෙල් 26-31 (විනා. 8යි)
සේවා පාසැල් පුනරීක්ෂණය (විනා. 20යි)
සේවා රැස්වීම:
මාසයේ තේමාව: ඥානවන්තව “ලැබෙන සෑම අවස්ථාවකින්ම උපරිම ප්‍රයෝජන ගන්න.”—එෆී. 5:15, 16.
විනා. 5: සේවයේදී අපේ වෙබ් අඩවිය පාවිච්චි කරනවාද? සාකච්ඡාවක්. සේවයේදී jw.org වෙබ් අඩවිය පාවිච්චි කරලා ලැබුණු හොඳ අද්දැකීම් අහන්න. ලැබෙන හැම අවස්ථාවකදීම වෙබ් අඩවිය ගැන අනිත් අයට කියන්න කියලා දිරිගන්වන්න.
විනා. 10: හොඳින් සේවය කරන පුරුෂයන්. (1 තිමෝ. 3:13) සහායක සේවකයන් දෙන්නෙක් එක්ක සාකච්ඡාවක්. සභාවේ තියෙන වගකීම් මොනවාද? ඒවා ඉටු කරන්නේ කොහොමද? සහායක සේවකයන් වෙන්න වෑයම් කෙරුවේ ඇයි? සභාවට සහ වැඩිමහල්ලන්ට සහයෝගය දෙන එකෙන් සතුටක් ලැබෙන්නේ ඇයි?
විනා. 15: “මිනිසුන්ට දේවවචනයේ බලය දැනෙනවාද?” සාකච්ඡාවක්. ඊටපස්සේ කෙටි නිරූපණ දෙකක් කරන්න. මුල් එකේදී ප්‍රචාරකයා බයිබලය පෙරළන්නේ නැතුව 2 තිමෝති 3:16, 17 මතකයෙන් කියලා ‘ප්‍රීතිමත් පණිවිඩයක්’ සඟරාව ඉදිරිපත් කරනවා. ඊළඟ එකේදී ප්‍රචාරකයා බයිබලය පෙරළලා ඒ බයිබල් පද කියවනවා. දෙවෙනි නිරූපණය සාර්ථක එකක් වෙන්නේ ඇයි කියලා සබයෙන් අහන්න.
ගීතිකා අංක 124 සහ යාච්ඤාව