යේසුස් ගැන උද්යෝගයෙන් කියමු
යේසුස් ගැන සත්‍යය අනිත් අයට කියලා දෙන විදිහ දන්නවා නම් අපේ උද්යෝගය වැඩි වෙනවා. අත්තිවාරමේ ප්‍රධාන ගල යේසුස්. සැබෑ විශ්වාසය ගොඩනැඟිලා තියෙන්නේ යේසුස් මතයි. (එෆී. 2:20) ඔහුව විශ්වාස කළේ නැත්නම් ගැලවීම ලැබෙන්නේ නැහැ. (ක්‍රියා 4:12) ඒ නිසා දෙවිගේ අරමුණ ඉටු කරන්න යේසුස්ට තියෙන කාර්යය හැමෝම තේරුම්ගන්න ඕනේ. ඒත් හුඟක් අය අසත්‍ය ඉගැන්වීම්වලින් නොමඟ ගිහින්. ඒ නිසා අනාගතයේ ලැබෙන ආශීර්වාද ඒ අයට නොලැබෙන්න ඉඩ තියෙනවා. ඉතින් අපිට සත්‍යය ගැන උද්යෝගයක් තියෙනවා නම් යේසුස් ගැනත් ඔහු හා දෙවි අතර තියෙන බැඳීම ගැනත් දෙවිගේ අරමුණ ඉටු කරන්න ඔහුට තියෙන කාර්යය ගැනත් ඒ අයට නිවැරදි අවබෝධයක් ලබා දෙන්න අපි පෙලඹෙයි. මේ සිහි කිරීමේ කාලයේදී යේසුස් ගැන සත්‍යය ජනයාට උද්යෝගයෙන් කියලා දෙන්න ඔබ ලෑස්තිද?