ජනවාරි 5න් පටන්ගන්නා සතිය සඳහා වැඩසටහන
2015 ජනවාරි 5න් පටන්ගන්නා සතිය
ගීතිකා අංක 31 සහ යාච්ඤාව
සභා බයිබල් පාඩම:
‘දේවකැමැත්ත කරන්න’ 3වෙනි පි. සහ 1-2 පාඩම්. (විනා. 30යි)
සේවා පාසැල:
බයිබල් කියවීම: යොෂුවා 16-20 (විනා. 8යි)
අංක 1: යොෂුවා 17:11-18 (විනා. 3ක් හෝ ඊට අඩුවෙන්)
අංක 2: සැබෑ දෙවියන් කවුද?—igw 2 පි. 1-3 ඡේ. (විනා. 5යි)
අංක 3: ‘යෙහෝවා දෙවි ඔබට මුළු හදවතින්ම සමාව දුන්නා’—w13 10/1 11 පි. (විනා. 5යි)
සේවා රැස්වීම:
මාසයේ තේමාව: අපිට භාර දීලා තියෙන “යහපත් දේ” අනිත් අය එක්ක බෙදාගමු.—මතෙ. 12:35අ.
විනා. 30: “අලුත් ගීතිකා!” සාකච්ඡාවක්. 6වෙනි ඡේදය සාකච්ඡා කරද්දී “අයැදිමු දේවරාජ්‍යයේ ආශීර්වාද” කියන ගීතිකාවේ පියානෝ වාදනය සභාවට අහන්න සලස්වන්න. ඊටපස්සේ නැඟිටලා ඒක ගායනා කරන්න කියන්න. ගීතිකාවට හුරු වෙන්න සභාවක් හැටියට දෙපාරක්වත් ගායනා කරන්න අවශ්‍ය වෙයි.
අලුත් ගීතිකාව “අයැදිමු දේවරාජ්‍යයේ ආශීර්වාද” සහ යාච්ඤාව