නොවැම්බර් 3න් පටන්ගන්නා සතිය සඳහා වැඩසටහන
නොවැම්බර් 3න් පටන්ගන්නා සතිය
ගීතිකා අංක 63 සහ යාච්ඤාව
සභා බයිබල් පාඩම:
‘යෙරෙමියා’ 13වෙනි පරි. 14-19 ඡේ. (විනා. 30යි)
සේවා පාසැල:
බයිබල් කියවීම: ද්විතීය කතාව 14-18 (විනා. 10යි)
අංක 1: ද්විතීය කතාව 15:16–16:8 (විනා. 4ක් හෝ ඊට අඩුවෙන්)
අංක 2: ඔයා තනි වෙලා කියලා ඔයාට හිතෙනවාද?—w11 4/1 24, 25 පි. (විනා. 5යි)
අංක 3: දෙවි ධර්මිෂ්ඨ විනිශ්චයකරුවෙක්!—w12 10/1 18 පි. (විනා. 5යි)
සේවා රැස්වීම:
විනා. 10: දෙවිට ළං වෙන්න දරුවන්ට උදව් කරන්න. “දෙවියන්ටත් දුක හිතෙනවා - දුකක් නොදී දෙවියන්ව සතුටු කරන්න අපිට පුළුවන්” කියන ලිපිය මත පදනම් සාකච්ඡාවක්. (w13 9/1 14 පි. හෝ jw.org වෙබ් අඩවියේ ප්රකාශන > සඟරා යටතේ බලන්න.) දරුවන්ගෙන් අහන්න. දෙවිට දුක හිතෙන්නේ මොන වගේ හේතු නිසාද? දෙවිව වැඩියෙන්ම දුකට පත් කළේ කවුද? නරක දූතයෙක් කළේ මොකක්ද? සර්පයා ඒවට කිව්වේ මොනවා කරන්න කියලද? සර්පයෙක් කතා කරනවා කියලා ඒව දැක්කත් කතා කළේ කවුද? ඒව දුන්න ගෙඩිය ආදම් කෑවේ ඇයි? දෙවිව සතුටු කරන්න ඔයාට පුළුවන් කොහොමද?
විනා. 10: කල් නොදමා උද්යෝගයෙන් සේවය කරන අය. වැඩිමහල්ලෙක් කරන සාකච්ඡාවක්. වැඩි සේවයක් හෝ පුරෝගාමි සේවය කරන්න කාලය හොයාගත්ත ප්රචාරකයන් දෙන්නෙක් හෝ තුන්දෙනෙක් එක්ක කරන සම්මුඛ සාකච්ඡාවක්. සේවයට යොදා තියෙන සැලසුම් මතක් කරලා උපරිමයෙන් හවුල් වෙන්න දිරිගන්වන්න.
විනා. 10: සේවයේ දියුණුවක් ලැබුවාද? සේවා සංවිධායක කරන සාකච්ඡාවක්. “සේවයේ දක්ෂ වීමට” කියන ලිපි මාලාවෙන් ඉගෙනගත්ත යෝජනා අදාළ කරගත්ත නිසා විවිධ පැතිවලින් සේවය දියුණු කරගන්න පුළුවන් වුණ විදි ගැන අහන්න. සේවය හදිසි කාර්යයක් නිසා ඒ යෝජනා දිගටම අදාළ කරගන්න හැමෝටම දිරිගන්වලා අවසන් කරන්න.
ගීතිකා අංක 100 සහ යාච්ඤාව