අගෝස්තු 11න් පටන්ගන්නා සතිය සඳහා වැඩසටහන
අගෝස්තු 11න් පටන්ගන්නා සතිය
ගීතිකා අංක 68 සහ යාච්ඤාව
සභා බයිබල් පාඩම:
‘යෙරෙමියා’ 10වෙනි පරි. 8-13 ඡේ. (විනා. 30යි)
සේවා පාසැල:
බයිබල් කියවීම: ගණන් කතාව 7-9 (විනා. 10යි)
අංක 1: ගණන් කතාව 9:9-23 (විනා. 4ක් හෝ ඊට අඩුවෙන්)
අංක 2: යේසුස් ගැන ලියූ බයිබල් ලේඛකයන්—w10 6/1 24, 25 පි. (විනා. 5යි)
අංක 3: මිනිසුන්ගේ ක්‍රියා දෙවිව සතුටට හෝ දුකට පත් කරනවාද?—w11 7/1 10 පි. (විනා. 5යි)
සේවා රැස්වීම:
විනා. 5: “1914-2014: දේවරාජ්‍යයේ පාලනය සියවස සපුරයි!” සාකච්ඡාවක්. ඡේදය කියවන්න. මේ මාසේ සේවා රැස්වීම්වලදී මූලික අවධානය දෙන්නේ දේවරාජ්‍යයටයි. සේවය සඳහා කරලා තියෙන සැලසුම් මතක් කරන්න.
විනා. 10: “‘වෙබ් පත්‍රිකාව’ පාවිච්චි කරමු.” පත්‍රිකාවේ තියෙන තොරතුරු සාකච්ඡා කරන්න. ප්‍රචාරකයෙක් පත්‍රිකාවක් දීලා ෆෝන් එකෙන් හරි ටැබ් එකෙන් හරි jw.org වෙබ් අඩවියට යන විදිහ පෙන්වන නිරූපණයක් කරන්න.
විනා. 15: “සේවයේ දක්ෂ වීමට පසුබට නොවී දේවරාජ්‍යය ගැන කියන්න.” සාකච්ඡාවක්. නිරූපණයක් කරන්න. ප්‍රචාරකයා පෝළිමක ඉන්නවා. ළඟ ඉන්න කෙනෙක් පත්තරේ බලලා මෙහෙම කියනවා. “ලෝකෙම අවුල් ජාලාවක්! හැමෝම හිතන්නේ තමන් ළඟ විසඳුම් තියෙනවා කියලා. ඒත් එන්න එන්නම තත්වේ දරුණු වෙනවා.” ප්‍රචාරකයා තමන්ටම මෙහෙම කියාගන්නවා. ‘මෙයාට දේවරාජ්‍යය ගැන කියන්න ඕනේ.’ පස්සේ ප්‍රචාරකයා මෙහෙම කියනවා. “ඇත්ත අද හුඟක් ප්‍රශ්න තියෙනවා. මං ඔයාට මේ පත්‍රිකාව දෙන්නද? මේකේ අපේ ප්‍රශ්නවලට උත්තර තියෙන වෙබ් අඩවියක් ගැන කියලා තියෙනවා. ඒක මටත් ගොඩක් උදව් වුණා.” ප්‍රචාරකයා පත්‍රිකාවේ කරුණක් පෙන්වයි. අනිත් කෙනා උනන්දුවක් දක්වයි.
ගීතිකා අංක 92 සහ යාච්ඤාව