ජූලි 7න් පටන්ගන්නා සතිය සඳහා වැඩසටහන
ජූලි 7න් පටන්ගන්නා සතිය
ගීතිකා අංක 50 සහ යාච්ඤාව
සභා බයිබල් පාඩම:
‘යෙරෙමියා’ 8වෙනි පරි. 14-20 ඡේ. (විනා. 30යි)
සේවා පාසැල:
බයිබල් කියවීම: ලෙවී කතාව 17-20 (විනා. 10යි)
අංක 1: ලෙවී කතාව 19:19-32 (විනා. 4ක් හෝ ඊට අඩුවෙන්)
අංක 2: ‘දෙවි ඔබට උපකාර කරන බව නිසැකයි’—w10 11/1 30 පි. (විනා. 5යි)
අංක 3: ඔහු අපි ‘එක් එක් කෙනාගේ සිතේ තියෙන දේ හොඳින්’ දන්නවා—w10 12/1 11 පි. (විනා. 5යි)
සේවා රැස්වීම:
විනා. 10: “ජූලි මාසයේ සඟරා ඉදිරිපත් කිරීම.” සාකච්ඡාවක්. මේ පිටුවේ තියෙන යෝජනා යොදාගෙන සඟරා ඉදිරිපත් කළ හැකි ආකාරය නිරූපණය කරන්න. ඉන්පසු ඒ යෝජනා දෙක මුල සිට අග දක්වා කොටස් වශයෙන් කියවමින් එක් එක් කොටසේ අරමුණ මොකක්ද කියලා සබයෙන් අහන්න. සඟරා හොඳින් කියවලා ඒවා උද්යෝගයෙන් ඉදිරිපත් කිරීමට සූදානම් වෙන්න කියලා සබය දිරිගන්වන්න.
විනා. 10: සභා අවශ්‍යතා.
විනා. 10: පහුගිය මාසවල කළ සේවය. ලේකම් සභාව සමඟ කරන සාකච්ඡාවක්. සිහි කිරීමේ කාලයේදී සභාව කරපු සේවය අගය කරන්න. ආරාධනා පත්‍ර බෙදා දීමේදී සහ සහායක පුරෝගාමී සේවය කරද්දී ලබපු අද්දැකීම් කියන්න සබයට ආරාධනා කරන්න.
ගීතිකා අංක 123 සහ යාච්ඤාව