නිවේදන
◼ ජූනි: ‘බයිබලයේ ඉගැන්වීම්’ පොත හෝ ‘බයිබලය ගැන ඔයාට හිතෙන්නේ මොනවාද?’ ‘අනාගතයේදී මොනවා වෙයිද?’ ‘පවුලක් විදිහට සතුටින් ඉන්න පුළුවන් කොහොමද?’ ‘මේ ලෝකය පාලනය කරන්නේ කවුද?’ ‘දුක් කරදර කවදා හරි නැති වෙයිද?’ හෝ ‘මරණයෙන් වෙන් වුණ අය යළි අප හා එක් වෙයිද?’ යන පත්‍රිකාවලින් එකක්. ජූලි: ‘සැබෑ දෙවියන්ගෙන් ප්‍රීතිමත් පණිවිඩයක්!’ හෝ ‘දෙවිට සවන් දී සැමදා ජීවත් වෙන්න,’ ‘දෙවිට සවන් දෙන්න,’ ‘සතුට හා සැනසුම සොයා’ යන සඟරාවලින් එකක්. අගෝස්තු: “අපේ ප්‍රශ්නවලට උත්තර හොයාගන්න පුළුවන් කොහෙන්ද?” කියන විශේෂ පත්‍රිකාව. ඒක කෙටි කාලෙකින් බෙදාහැරියා නම් ජූලි මාසයේ ඉදිරිපත් කළ සඟරාම දෙන්න. සැප්තැම්බර්: ‘මුරටැඹ’ සහ ‘පිබිදෙව්!’.
◼ 2014 සේවා වර්ෂය අවසානයේ සිට පුරෝගාමි පාසැල පවත්වන්නේ දින 6යි. ඒ සඳුදා සිට සෙනසුරාදා දක්වා.
◼ ඔබට නියමිත තුන්දින හෝ ජාත්‍යන්තර සමුළුවට කලින් සතියේ සේවා රැස්වීමේ සකස් කිරීමක් කරන්න. එදින මේ ‘රාජ්‍ය සේවාවේ’ හා 2013 අගෝස්තු 3 දිනැති ලිපියේ තියෙන නමස්කාර කටයුතු සඳහා රැස් වන විට ආරක්ෂාව ගැන සැලකිලිමත් වීම ගැන උපදෙස් සලකා බලන්න. මාසෙකට හෝ දෙකකට පසුව සමුළුවෙන් ඉගෙනගත්ත, සේවයට ප්‍රයෝජනවත් කරුණු සභා අවශ්‍යතා යටතේ සලකා බැලිය හැකියි.