ජනවාරි 6න් පටන්ගන්නා සතිය සඳහා වැඩසටහන
2014 ජනවාරි 6න් පටන්ගන්නා සතිය
ගීතිකා අංක 13 සහ යාච්ඤාව
□ සභා බයිබල් පාඩම:
‘සාක්ෂියක් දෙමු’ 28වෙනි පරි. 16-22 ඡේ. (විනා. 30යි)
□ සේවා පාසැල:
බයිබල් කියවීම: උත්පත්ති 1-5 (විනා. 10යි)
අංක 1: උත්පත්ති 4:1-16 (විනා. 4ක් හෝ ඊට අඩුවෙන්)
අංක 2: ශ්‍රේෂ්ඨ පියෙක්—w08 1/1 25 පි. (විනා. 5යි)
අංක 3: සැලකිලිමත් එඬේරෙක්—w08 2/1 10 පි. (විනා. 5යි)
□ සේවා රැස්වීම:
විනා. 10: ජනවාරි මාසයේ සඟරා ඉදිරිපත් කිරීමට සූදානම් වෙන්න. සාකච්ඡාවක්. තත්පර 30කින් හෝ 60කින්, ඔබේ ප්‍රදේශයේ ජනයාට මේ සඟරා ගැළපෙන්නේ ඇයි කියා කියන්න. පසුව ‘මුරටැඹ’ සඟරාවේ මුල් පිටුවට අදාළ ලිපිය ඉදිරිපත් කිරීම සඳහා යොදාගත හැකි කුතුහලය අවුස්සන ප්‍රශ්න හා ඊට අදාළ බයිබල් පද සබයෙන් විමසන්න. ‘පිබිදෙව්!’ සඟරාවත් ඒ ආකාරයටම සාකච්ඡා කරන්න. කාලය ඇත්නම් තවත් ලිපියක් ඉදිරිපත් කළ හැකි ආකාරය සාකච්ඡා කරන්න. සඟරා ඉදිරිපත් කළ හැකි ආකාරය වෙන වෙනම නිරූපණය කරන්න.
විනා. 10: සභා අවශ්‍යතා.
විනා. 10: අප ඉගෙනගන්නේ කුමක්ද? සාකච්ඡාවක්. 1 කොරින්ති 9:19-23 කියවීමට සැලසුම් කරන්න. ඒ වාර්තාව සේවය සඳහා උපකාරවත් වෙන විදිහ සාකච්ඡා කරන්න.
ගීතිකා අංක 7 සහ යාච්ඤාව