ඔක්තෝබර් 28න් පටන්ගන්නා සතිය සඳහා වැඩසටහන
ඔක්තෝබර් 28න් පටන්ගන්නා සතිය
ගීතිකා අංක 83 සහ යාච්ඤාව
□ සභා බයිබල් පාඩම:
‘සාක්ෂියක් දෙමු’ 25වෙනි පරි. 8-13 ඡේ. සහ 229වෙනි පිටුවේ ඇති කොටුව (විනා. 30යි)
□ සේවා පාසැල:
බයිබල් කියවීම: 1 තිමෝති 1-6–2 තිමෝති 1-4 (විනා. 10යි)
සේවා පාසැල් පුනරීක්ෂණය (විනා. 20යි)
□ සේවා රැස්වීම:
විනා. 5: “රැස්වීමේදී හොඳින් අදහස් දක්වන්න.” කතාවක්.
විනා. 10: ශුභාරංචියේ ප්‍රායෝගික වටිනාකම උලුප්පා දක්වන්න. ‘සේවා පාසැල්’ පොතේ 158 පි. 5 ඡේ.–159 පි. 3 ඡේ. මත පදනම් සාකච්ඡාවක්. ඔබේ ප්‍රදේශයේ ජනයා උනන්දු වෙන විෂයක් යොදාගෙන ‘බයිබල් ඉගැන්වීම්’ පොත දෙන විදිහ නිරූපණය කරන්න.
විනා. 15: වෙලාවට වැඩ කිරීමේ ඇති වැදගත්කම. සාකච්ඡාවක්. (1) වෙලාවට වැඩ කිරීම සම්බන්ධයෙන් යෙහෝවා දෙවි තබන්නේ මොන වගේ ආදර්ශයක්ද? (හබ. 2:3) (2) දෙවිට තියෙන අපේ ගෞරවයත් අන් අය ගැන අපිට තියෙන සැලකිල්ලත්, වෙලාවට රැස්වීම්වලට සහ සේවයට යෑමෙන් පෙන්වන්නේ කොහොමද? (3) ක්ෂේත්‍ර සේවා රැස්වීමට අපි ප්‍රමාද වී යෑම මෙහෙයවන්නාට සහ සේවයේ හවුල් වෙන අනිත් අයට බලපාන්නේ කොහොමද? (4) උනන්දුව දැක්වූ කෙනෙක්ව හෝ බයිබල් ශිෂ්‍යයෙක්ව හමු වීමට පොරොන්දු වූ වෙලාවටම යෑම වැදගත් ඇයි? (මතෙ. 5:37) (5) රැස්වීම්වලට මෙන්ම සේවය හා සම්බන්ධ සෑම කටයුත්තකටම වෙලාවට යෑම සඳහා අපිට කරන්න පුළුවන් මොනවාද?
ගීතිකා අංක 69 සහ යාච්ඤාව