ඔක්තෝබර් 7න් පටන්ගන්නා සතිය සඳහා වැඩසටහන
ඔක්තෝබර් 7න් පටන්ගන්නා සතිය
ගීතිකා අංක 131 සහ යාච්ඤාව
□ සභා බයිබල් පාඩම:
සාක්ෂියක් දෙමු 24වන පරි. 10-15 ඡේ. (විනා. 30යි)
□ සේවා පාසැල:
බයිබල් කියවීම: එෆීස 1-6 (විනා. 10යි)
අංක 1: එෆීස 4:1-16 (විනා. 4ක් හෝ ඊට අඩුවෙන්)
අංක 2: දෙවිගේ ධර්මිෂ්ඨ ප්‍රමිතිවලට මුල් තැන දීමෙන් අදහස් කරන්නේ කුමක්ද?—මතෙ. 6:33 (විනා. 5යි)
අංක 3: ඉමහත් ප්‍රඥාවක් ඇති දෙවි කෙනෙක්—ph 21, 22 පි. (විනා. 5යි)
□ සේවා රැස්වීම:
විනා. 10: ඔක්තෝබර් මාසයේ සඟරා ඉදිරිපත් කිරීමට සූදානම් වෙන්න. සාකච්ඡාවක්. තත්පර 30කින් හෝ 60කින්, ඔබේ ප්‍රදේශයේ ජනයාට මේ සඟරා ගැළපෙන්නේ ඇයි කියා කියන්න. පසුව මුරටැඹ සඟරාවේ මුල් පිටුවට අදාළ ලිපිය ඉදිරිපත් කිරීම සඳහා යොදාගත හැකි කුතුහලය අවුස්සන ප්‍රශ්න හා ඊට අදාළ බයිබල් පද සබයෙන් විමසන්න. පිබිදෙව්! සඟරාවත් ඒ ආකාරයටම සාකච්ඡා කරන්න. කාලය ඇත්නම් තවත් ලිපියක් ඉදිරිපත් කළ හැකි ආකාරය සාකච්ඡා කරන්න. සඟරා ඉදිරිපත් කළ හැකි ආකාර වෙන වෙනම නිරූපණය කරන්න.
විනා. 10: සභා අවශ්‍යතා.
විනා. 10: වෙහෙසී වැඩ කරන සහෝදරයන්. (1තෙස 5:12, 13) වැඩිමහල්ලන් දෙදෙනෙක්ව සම්මුඛ සාකච්ඡාවකට කැඳවන්න. සභාවේ සහ සේවය සම්බන්ධව ඔවුන් දරන වෙනත් වගකීම් මොනවාද? රැකියාව සහ පවුලේ වගකීම්වලට අමතරව මේ දේවල් කරන්න ඔවුන්ට හැකි වී තිබෙන්නේ කොහොමද? සේවයට මුල් තැන දීමට හැකි වී තිබෙන්නේ කොහොමද? පවුලේ අයගෙන් ලැබෙන්නේ මොන වගේ සහයෝගයක්ද?
ගීතිකා අංක 123 සහ යාච්ඤාව