පළමු සෙනසුරාදා බයිබල් පාඩම් පටන්ගැනීමට දිරිගන්වන්න
වර්ෂ 2011 මැයි මාසයේ ඉඳලා හැම මාසෙකම පළමු සෙනසුරාදා බයිබල් පාඩමක් පටන්ගන්න කියලා අපිට දිරිගැන්නුවා. ඒකට උදව්වක් විදිහටයි මුරටැඹ පොදු කලාපයේ “බයිබල් ප්‍රශ්නවලට උත්තර” කියලා කොටසක් පළ වෙන්නේ. ඒ නිසා හැම මාසෙම පළමු සෙනසුරාදා ක්ෂේත්‍ර සේවා රැස්වීමේදී ඒ කොටස යොදාගෙන බයිබල් පාඩමක් පටන්ගන්න විදිහ ගැන කතා කරන්න. ඒ වගේම ඒක කරන විදිහ නිරූපණය කරන්න.
එදාට ක්ෂේත්‍ර සේවා රැස්වීම පවත්වන්නේ කණ්ඩායම් විදිහටද නැත්නම් හැමෝම එකතු වෙලා නමස්කාර මධ්‍යස්ථානයේදීද කියලා තීරණය කරන්න වැඩිමහල්ලන්ට පුළුවන්. හැබැයි සභාවන් කිහිපයක් එකම නමස්කාර මධ්‍යස්ථානය පාවිච්චි කරද්දී හැමෝටම නමස්කාර මධ්‍යස්ථානයේ එකතු වෙන්න අමාරුයි කියලා බයිබල් පාඩම් පටන්ගන්න දවස වෙනස් කරන්න එපා.