ඔන්ලයින් ලයිබ්‍රරි
වොච්ටවර්
ඔන්ලයින් ලයිබ්‍රරි
සිංහල
  • බයිබලය
  • ප්‍රකාශන
  • රැස්වීම්
  • km 8/13 3 පි.
  • සේවා පාසැල් පුනරීක්ෂණය

මේකට අදාළ වීඩියෝ නැහැ.

සමාවෙන්න. යම් දෝෂයක් නිසා වීඩියෝ එක ලෝඩ් කරන්න බැහැ.

  • සේවා පාසැල් පුනරීක්ෂණය
  • 2013 අපගේ රාජ්‍ය සේවාව
2013 අපගේ රාජ්‍ය සේවාව
km 8/13 3 පි.

සේවා පාසැල් පුනරීක්ෂණය

පහත සඳහන් ප්‍රශ්න 2013 අගෝස්තු 26න් පටන්ගන්නා සතියේ පැවැත්වෙන සේවා පාසැලේදී සලකා බලයි. එක් එක් ප්‍රශ්නයට අදාළ තොරතුරු සාකච්ඡා කරන සතිය කොටු වරහන් තුළ සඳහන් කර තිබෙනවා. ඒ, සෑම සතියකම සේවා පාසැල සඳහා සූදානම් වන විට තොරතුරු සෙවීම සඳහායි.

1. මිනිසුන්ගේ ගෞරවය සහ ප්‍රශංසාව ලබාගන්න හෙරොද් රජට තිබුණ නුසුදුසු ආශාවෙන් අපිට ඉගෙනගන්න පුළුවන් පාඩම මොකක්ද? (ක්‍රියා 12:21-23) [ජූලි 1, w08 5/15 32 පි. 7 ඡේ.]

2. යෞවනයන්ට තිමෝතිගෙන් ඉගෙනගන්න පුළුවන් පාඩම් මොනවාද? (ක්‍රියා 16:1, 2) [ජූලි 8, w08 5/15 32 පි. 10 ඡේ.]

3. අපොලොස් එෆීසයේ සිනගෝගයේදී “නිර්භීතව කතා” කරනවා අහගෙන හිටිය අකිලා සහ ප්‍රිසිලා, ඔහුට ප්‍රේමණීයව උදව් කළේ කොහොමද? (ක්‍රියා 18:24-26) [ජූලි 15, w10 6/15 11 පි. 4 ඡේ.]

4. ශුභාරංචිය දේශනා කරන්න තියෙන අයිතිය තහවුරු කරගන්න රටේ නීතිය ප්‍රයෝජනයට ගන්න අපිට පුළුවන්. ඒත් ඒකට තියෙන ශුද්ධ ලියවිලිමය පදනම මොකක්ද? (ක්‍රියා 25:10-12) [ජූලි 22, bt 226 පි. 6 ඡේ.]

5. පාවුල් රෝමයේ නිවාස අඩස්සියේ ඉද්දී සාක්ෂි දරන්න අවස්ථා හොයාගත්තේ කොහොමද? අද ඉන්න ක්‍රිස්තියානින් පාවුල්ව ආදර්ශයට ගෙන තියෙන්නේ කොහොමද? (ක්‍රියා 28:17, 23, 30, 31) [ජූලි 29, bt 246-248 පි. 19-23 ඡේ.]

6. සමලිංගික ඇසුර බයිබලයේ අස්වාභාවික සහ අශික්ෂිත ක්‍රියාවක් විදිහට හඳුන්වලා තියෙන්නේ ඇයි? (රෝම 1:26, 27) [අගෝ. 5, g 1/12 28 පි. 7 ඡේ.]

7. යේසුස් වන්දියක් විදිහට ‘ජීවිතය පූජා’ කළේ ක්‍රිස්තු වර්ෂ 33දීයි. එහෙමනම් ඊට කලින් හිටපු මිනිසුන් කරපු “පාපවලට” සමාව ලැබෙන්නේ කොහොමද? (රෝම 3:24, 25) [අගෝ. 5, w08 6/15 29 පි. 6 ඡේ.]

8. යාච්ඤාවෙන් මොනවා කියන්නද කියලා නොතේරෙන තරමටම ප්‍රශ්නවලින් මිරිකිලා ඉන්න වෙලාවලදී දෙවි අපි ගැන සැලකිලිමත් කියලා පෙන්වන්නේ කොහොමද? (රෝම 8:26, 27) [අගෝ. 12, w08 6/15 30 පි. 10 ඡේ.]

9. “ආගන්තුක සත්කාරය පෙන්වීමට පුරුදු වන්න” කියන එකෙන් අදහස් කරන්නේ මොකක්ද? (රෝම 12:13) [අගෝ. 19, w09 10/15 5-6 පි. 12-13 ඡේ.]

10. ‘යේසුස් ක්‍රිස්තුස්ගේ ගතිලක්ෂණ ආදර්ශයට ගන්නේ’ කොහොමද? (රෝම 13:14) [අගෝ. 26, w05 1/1 11-12 පි. 20-22 ඡේ.]

    සිංහල ප්‍රකාශන (1993-2026)
    ලොග් අවුට්
    ලොග් ඉන්
    • සිංහල
    • ලින්ක් එක යවන්න
    • සොයන ආකාරය සකස් කරගන්න
    • Copyright © 2026 Watch Tower Bible and Tract Society of Pennsylvania
    • භාවිත කිරීමේ නීති
    • පෞද්ගලික තොරතුරු රැකීම
    • Privacy Settings
    • JW.ORG
    • ලොග් ඉන්
    ලින්ක් එක යවන්න