අගෝස්තු 26න් පටන්ගන්නා සතිය සඳහා වැඩසටහන
අගෝස්තු 26න් පටන්ගන්නා සතිය
ගීතිකා අංක 61 සහ යාච්ඤාව
□ සභා බයිබල් පාඩම:
සාක්ෂියක් දෙමු 22වන පරි. 7-14 ඡේ. සහ 198, 201වන පිටුවල ඇති කොටු (විනා. 30යි)
□ සේවා පාසැල:
බයිබල් කියවීම: රෝම 13-16 (විනා. 10යි)
සේවා පාසැල් පුනරීක්ෂණය (විනා. 20යි)
□ සේවා රැස්වීම:
විනා. 10: “පළමු සෙනසුරාදා බයිබල් පාඩමක් පටන්ගැනීමට දිරිගන්වන්න.” කතාවක්. සැප්තැම්බර් මාසයේ පළමු සෙනසුරාදා බයිබල් පාඩමක් ආරම්භ කළ හැකි ආකාරය නිරූපණය කරන්න. එදාට සේවයේ හවුල් වීමට හැමෝටම දිරිගන්වන්න.
විනා. 10: ශුභාරංචිය දේශනා කළ හැකි ක්රම—කණ්ඩායමක් ලෙස සහ පෞද්ගලික ප්රදේශයක සේවය කිරීම. 2007 පෙබරවාරි අපගේ රාජ්ය සේවාවේ පස්වෙනි පිටුව මත පදනම් සාකච්ඡාවක්. කණ්ඩායමක් ලෙස සේවය කිරීම ගැනත් පෞද්ගලික ප්රදේශයක් වෙන් කරගැනීම ගැනත් ඇති සැලසුම් මොනවාද කියා සභාවේ ක්ෂේත්ර සේවා ප්රදේශය බාරව සිටින සහෝදරයාගෙන් අහන්න.
විනා. 10: නිතර අසනු ලබන ප්රශ්න. 2010 අගෝස්තු පිබිදෙව්! කලාපයේ 6-7 පිටු මත පදනම් සාකච්ඡාවක්. සේවයේදී එවැනි ප්රශ්නයක් අසද්දී ඊට පිළිතුරු දෙන ආකාරය නිරූපණය කරන්න.
ගීතිකා අංක 116 සහ යාච්ඤාව