ජූලි 22න් පටන්ගන්නා සතිය සඳහා වැඩසටහන
ජූලි 22න් පටන්ගන්නා සතිය
ගීතිකා අංක 33 සහ යාච්ඤාව
□ සභා බයිබල් පාඩම:
සාක්ෂියක් දෙමු 20වන පරි. 16-20 ඡේ. (විනා. 30යි)
□ සේවා පාසැල:
බයිබල් කියවීම: ක්රියා 22-25 (විනා. 10යි)
අංක 1: ක්රියා 22:17-30 (විනා. 4ක් හෝ ඊට අඩුවෙන්)
අංක 2: අපි මේ ලෝකයේ හිටියත් මේ ලෝකයේ මිනිසුන්ට සමාන නොවෙන්නේ කොහොමද?—යොහ. 17:15, 16 (විනා. 5යි)
අංක 3: පවුලේ අයට ගෞරවය කිරීම ගැන ශුද්ධ බයිබලයෙන් උපදෙස්—ph 5 පි. සහ 6 පි. 5වන උපමාතෘකාව (විනා. 5යි)
□ සේවා රැස්වීම:
විනා. 10: ඉස්කෝලෙදී යෙහෝවා දෙවිව සතුටු කරන්න. සාකච්ඡාවක්. දරුවන්ට ඉස්කෝලෙදී මුහුණ දෙන්න වෙන සමහර ප්රශ්න ගැන කියන්න සබයට ආරාධනා කරන්න. පවුලේ නමස්කාරයේදී අපේ වෙබ් අඩවිය, මුරටැඹ සහ පිබිදෙව්! සඟරාවල සූචි, යොවුන් සිතේ ගැටලු කියන පොත් ඇතුළු වෙනත් ප්රකාශන පාවිච්චි කරලා ඉස්කෝලෙදි අභියෝගවලට හොඳින් මුහුණ දෙන්න දරුවන්ව පුහුණු කරන්න පුළුවන් විදිහ පැහැදිලි කරන්න. (1 පේතෘ. 3:15) දරුවන්ට වැදගත් වෙන මාතෘකාවක් දෙකක් තෝරගෙන අපේ ප්රකාශනවල ඒ ගැන තියෙන තොරතුරු ගැන කියන්න. ඉස්කෝලෙදි සාක්ෂි දරපු විදිහ ගැන අද්දැකීම් කියන්න සබයට ආරාධනා කරන්න.
විනා. 20: “නිර්භීතව දේශනා කරමු.” ප්රශ්නෝත්තර සාකච්ඡාවක්. විරුද්ධවාදීකම්වලට සාර්ථකව මුහුණ දීමෙන් ලැබූ අද්දැකීම් ගැන සබයෙන් අහන්න. ඥානවන්තව සේවය කිරීම සඳහා සභාව යොදා තියෙන සැලසුම් ගැන සඳහන් කරන්න.
ගීතිකා අංක 95 සහ යාච්ඤාව