ජූලි 8න් පටන්ගන්නා සතිය සඳහා වැඩසටහන
ජූලි 8න් පටන්ගන්නා සතිය
ගීතිකා අංක 125 සහ යාච්ඤාව
□ සභා බයිබල් පාඩම:
සාක්ෂියක් දෙමු 20වන පරි. 1-7 ඡේ. සහ 178වන පිටුවේ ඇති කොටුව (විනා. 30යි)
□ සේවා පාසැල:
බයිබල් කියවීම: ක්‍රියා 15-17 (විනා. 10යි)
අංක 1: ක්‍රියා 16:16-34 (විනා. 4ක් හෝ ඊට අඩුවෙන්)
අංක 2: පීඩාවලට මුහුණ දුන්නත් අපි සතුටින් ඉන්නේ ඇයි?—මතෙ. 5:11, 12 (විනා. 5යි)
අංක 3: මත්ද්‍රව්‍ය හා මත්පැන් භාවිතය ගැන ශුද්ධ බයිබලයෙන් උපදෙස්—ph 5 පි. සහ 6 පි. 3වන උපමාතෘකාව (විනා. 5යි)
□ සේවා රැස්වීම:
විනා. 10: ශුභාරංචිය දේශනා කළ හැකි ක්‍රම—උනන්දුවක් දක්වන අය දෙවිගේ සංවිධානය වෙත යොමු කිරීම. වර්ෂ 2007 ජනවාරි රාජ්‍ය සේවාවේ පස්වෙනි පිටුවේ හත්වෙනි ඡේදයේ සිට නමවෙනි ඡේදය දක්වා පදනම් සාකච්ඡාවක්. ශිෂ්‍යයන්ව සංවිධානය වෙත යොමු කිරීමට දේවකැමැත්ත කරන්න යන සඟරාව යොදාගත් විදිහ ගැන සබයෙන් අහන්න.
විනා. 10: ඔබේ ගබඩා පිරී ඉතිරී යන තරමට මා ඔබට ආශීර්වාද කරන්නේ නැද්ද කියා බලන්න. (මලා. 3:10) ස්ථාවර පුරෝගාමීන් දෙන්නෙක් හෝ තුන්දෙනෙක් සමඟ සම්මුඛ සාකච්ඡාවක්. පුරෝගාමි සේවයෙන් වැඩිම සතුටක් ලබන්නේ මොකක් නිසාද? දෙවිට ළං වෙන්න පුරෝගාමි සේවය උදව් වුණේ කොහොමද? සේවයේ ලබපු විශේෂ අද්දැකීමක් ගැන අහන්න. සැප්තැම්බර් මාසයේ සිට ස්ථාවර පුරෝගාමි සේවය කිරීම ගැන හිතලා බලන්න අනිත් ප්‍රචාරකයන්ටත් දිරිගන්වමින් අවසන් කරන්න.
විනා. 10: “අනාගතවක්තෘ යෝවෙල් අපිට ආදර්ශයක්!” ප්‍රශ්නෝත්තර සාකච්ඡාවක්.
ගීතිකා අංක 54 සහ යාච්ඤාව