එක ලිපියක් ගැන කතා කරලා සඟරා දෙකම දෙන්න
මුරටැඹ සහ පිබිදෙව්! සඟරාවල සිත්ගන්නාසුලු ලිපි ගොඩක් තියෙනවා. හැබැයි නිවැසියාට හැම ලිපියක්ම පෙන්වනවාට වඩා එක ලිපියක් පෙන්වන එක වඩා හොඳයි. අපි හොඳ නිරීක්ෂකයන් නම් සඟරා දෙකේම ලිපි ගැන හොඳින් දැනුවත් වෙලා ඉන්නවා නම් නිවැසියාට ගැළපෙනම ලිපිය පෙන්නන එක අමාරු නෑ. උදාහරණෙකට ගෙදර සාලයේ සෙල්ලම් බඩු පෙනෙන්න තියෙනවා නම් අපිට හිතන්න පුළුවන් ගෙදර දරුවෙක් ඇතියි කියලා. එතකොට පවුල් ජීවිතය ගැන තියෙන ලිපියක් හඳුන්වලා දෙන්න අපිට පුළුවන්. සාකච්ඡා කරන්නෙ පුරුෂයෙක් එක්ක නම් හොඳ ආණ්ඩුවක් වැනි එයාලා උනන්දුව දක්වන විෂයක් තියෙන ලිපියක් පෙන්වන්න පුළුවන්. අපි එක ලිපියක් ගැන කතා කෙරුවත් නිවැසියා උනන්දුව දක්වනවා නම් සඟරා දෙකම දෙන්න අමතක කරන්න එපා.