ජූනි 24න් පටන්ගන්නා සතිය සඳහා වැඩසටහන
ජූනි 24න් පටන්ගන්නා සතිය
ගීතිකා අංක 85 සහ යාච්ඤාව
□ සභා බයිබල් පාඩම:
සාක්ෂියක් දෙමු 19වන පරි. 6-11 ඡේ. (විනා. 30යි)
□ සේවා පාසැල:
බයිබල් කියවීම: ක්රියා 8-10 (විනා. 10යි)
සේවා පාසැල් පුනරීක්ෂණය (විනා. 20යි)
□ සේවා රැස්වීම:
විනා. 10: “එක ලිපියක් ගැන කතා කරලා සඟරා දෙකම දෙන්න.” කතාවක්. පසුව අටවෙනි පිටුවේ ඇති යෝජනාව පාවිච්චි කර ජූලි මාසයේ පළවෙනි සෙනසුරාදා බයිබල් පාඩමක් ආරම්භ කළ හැකි ආකාරය නිරූපණය කරන්න.
විනා. 10: අප ඉගෙනගන්නේ කුමක්ද? සාකච්ඡාවක්. ලූක් 12:16-31 කියවීමට සැලසුම් කරන්න. ඒ වාර්තාව සේවයට උපකාරවත් වන විදිහ සාකච්ඡා කරන්න.
විනා. 10: ජූලි සහ අගෝස්තු මාසවල ඉදිරිපත් කරන ප්රකාශන. සාකච්ඡාවක්. මාසික නොවන සඟරාවල උනන්දුව ඇති කරන තොරතුරු කිහිපයක් සාකච්ඡා කරන්න. ඉන් දෙකක් ඉදිරිපත් කරන ආකාරය නිරූපණය කරන්න. එක නිරූපණයක් කළ යුත්තේ සැබෑ දෙවියන්ගෙන් ප්රීතිමත් පණිවිඩයක්! යන සඟරාව සඳහායි. ඊට අටවෙනි පිටුවේ ඇති යෝජනාව හෝ 2013 මාර්තු රාජ්ය සේවාවේ ඇති යෝජනාවක් හෝ පාවිච්චි කරන්න. “ඔබ දැන්වීම් පුවරුව බලන කෙනෙක්ද?” යන කොටසත් සාකච්ඡා කරන්න.
ගීතිකා අංක 129 සහ යාච්ඤාව