සේවා පාසැල් පුනරීක්ෂණය
පහත සඳහන් ප්‍රශ්න 2013 ජූනි 24න් පටන්ගන්නා සතියේ පැවැත්වෙන සේවා පාසැලේදී සලකා බලයි. එක් එක් ප්‍රශ්නයට අදාළ තොරතුරු සාකච්ඡා කරන සතිය කොටු වරහන් තුළ සඳහන් කර තිබෙනවා. ඒ, සෑම සතියකම සේවා පාසැල සඳහා සූදානම් වන විට තොරතුරු සෙවීම සඳහායි.
1. “මෝසෙස් පාළුකරයේ කණුවක සර්පයෙකුව එල්ලා තැබුවා සේම මනුෂ්‍ය පුත්‍රයාවත් එල්ලා තබනු ලබනවා” කියලා යේසුස් කියපු දෙයින් අදහස් කළේ මොකක්ද? (යොහ. 3:14, 15) [මැයි 6, gt 17 පරි. 5 ඡේ.]
2. යේසුස්ගේ අනුගාමිකයන් ජීවනය හිමි කරගන්නේ කවදාද? (යොහ. 6:53) [මැයි 13, w03 9/15 31 පි. 3 ඡේ.]
3. යෙහෝවා දෙවි මොන වගේ කෙනෙක්ද කියලා යේසුස් පෙන්වලා දුන්නේ කොහොමද? (යොහ. 8:28) [මැයි 20, w11 4/1 7 පි. 3 ඡේ.]
4. ලාසරුස් මිය ගිය අවස්ථාවේදී ‘යේසුස්ගේ දෑස් කඳුළුවලින් පිරී ගියා’ කියලා බයිබලයේ සඳහන් වන දෙයින් අපිට ඉගෙනගන්න පුළුවන් මොකක්ද? (යොහ. 11:35) [මැයි 20, w08 5/1 24 පි. 3-5 ඡේ.]
5. ගෝලයන්ගේ පාද සේදීමෙන් යේසුස් උගන්වපු වැදගත් පාඩම මොකක්ද? (යොහ. 13:4, 5) [මැයි 27, w99 3/1 31 පි. 1 ඡේ.]
6. දෙවිගේ බලය අපිට හොඳ මඟ පෙන්වන්නෙක් වෙන්නේ කොහොමද? (යොහ. 14:26) [මැයි 27, w11 12/15 14-15 පි. 9 ඡේ.]
7. යොහන් 21:15හි සඳහන් වෙන ‘මේ දේවල්’ මොනවද? අපිට ඉගෙනගන්න පුළුවන් පාඩම මොකක්ද? [ජූනි 3, w08 4/15 32 පි. 11 ඡේ.]
8. ක්‍රියා 2:44-47 සහ ක්‍රියා 4:34, 35ට අනුව ක්‍රිස්තියානීන්ට තියෙන්න ඕන ආකල්පය මොකක්ද? [ජූනි 10, w08 5/15 30 පි. 5 ඡේ.]
9. ක්‍රියා 7:59 කියන විදිහට ස්තේපන් යාච්ඤා කළේ යේසුස්ටද? [ජූනි 17, w08 5/15 31 පි. 2 ඡේ.]
10. බානබස්ව ආදර්ශයට ගන්න අපිට පුළුවන් කොහොමද? එහෙම කළොත් ලැබෙන ප්‍රයෝජන මොනවද? (ක්‍රියා 9:26, 27) [ජූනි 24, bt 73 පි. 19 ඡේ.]