මැයි 6න් පටන්ගන්නා සතිය සඳහා වැඩසටහන
මැයි 6න් පටන්ගන්නා සතිය
ගීතිකා අංක 135 සහ යාච්ඤාව
□ සභා බයිබල් පාඩම:
සාක්ෂියක් දෙමු 17වන පරි. 8-14 ඡේ. සහ 155වන පිටුවේ ඇති කොටුව (විනා. 30යි)
□ සේවා පාසැල:
බයිබල් කියවීම: යොහන් 1-4 (විනා. 10යි)
අංක 1: යොහන් 3:22-36 (විනා. 4ක් හෝ ඊට අඩුවෙන්)
අංක 2: “දෙවි තම බලයෙන් ලබා දෙන මඟ පෙන්වීම්වලට අනුව” අපි ජීවත් වෙන්නේ කොහොමද?—ගලා. 5:16 (විනා. 5යි)
අංක 3: ‘පටන්ගැන්ම’ කවදාද?—lc 24 පි. (විනා. 5යි)
□ සේවා රැස්වීම:
විනා. 10: මැයි මාසයේ සඟරා ඉදිරිපත් කිරීමට සූදානම් වෙන්න. සාකච්ඡාවක්. තත්පර 30කින් හෝ 60කින්, ඔබේ ප්‍රදේශයේ ජනයාට මේ සඟරා ගැළපෙන්නේ ඇයි කියා කියන්න. පසුව මුරටැඹ සඟරාවේ මුල් පිටුවට අදාළ ලිපිය ඉදිරිපත් කිරීම සඳහා යොදාගත හැකි කුතුහලය අවුස්සන ප්‍රශ්න හා ඊට අදාළ බයිබල් පද සබයෙන් විමසන්න. පිබිදෙව්! සඟරාවත් ඒ ආකාරයටම සාකච්ඡා කරන්න. කාලය ඇත්නම් තවත් ලිපියක් ඉදිරිපත් කළ හැකි ආකාරය සාකච්ඡා කරන්න. සඟරා ඉදිරිපත් කළ හැකි ආකාර වෙන වෙනම නිරූපණය කරන්න.
විනා. 10: සභා අවශ්‍යතා.
විනා. 10: යෙහෝවා දෙවි ගෘහය ගොඩනඟන්නේ නැත්නම් ගොඩනඟන්නන්ගේ වෙහෙස නිෂ්ඵල වනු ඇත. (ගීතා. 127:1) වර්ෂ 2008 පෙබරවාරි 1 මුරටැඹ සඟරාවේ 21-23 දක්වා පිටු මත පදනම් සාකච්ඡාවක්. ඉගෙනගත් පාඩම් ගැන අදහස් දැක්වීමට සබයට ආරාධනා කරන්න.
ගීතිකා අංක 47 සහ යාච්ඤාව