සේවා පාසැල් පුනරීක්ෂණය
පහත සඳහන් ප්‍රශ්න 2013 අප්‍රියෙල් 29න් පටන්ගන්නා සතියේ පැවැත්වෙන සේවා පාසැලේදී සලකා බලයි. එක් එක් ප්‍රශ්නයට අදාළ තොරතුරු සාකච්ඡා කරන සතිය කොටු වරහන් තුළ සඳහන් කර තිබෙනවා. ඒ, සෑම සතියකම සේවා පාසැල සඳහා සූදානම් වන විට තොරතුරු සෙවීම සඳහායි.
1. මාක් 10:6-9 සඳහන් වෙන විදිහට විවාහ බැඳීම ගැන යේසුස් දීපු සිහිගැන්වීම මොකක්ද? [මාර්. 4, w08 2/15 30 පි. 8 ඡේ.]
2. යෙහෝවා දෙවිට ඔබේ මුළු ජීවිතයම කැප කරන්න කීමෙන් අදහස් කරන්නේ මොකක්ද? (මාක් 12:30) [මාර්. 4, w04 3/1 20 පි. 5 ඡේ.]
3. මාක් 13:8 සඳහන් වෙන “දරුණු විපත්ති” නිසා මිනිසුන් අද්දකින වේදනාව මොන වගේද? [මාර්. 11, w05 1/15 17 පි. පාදසටහන]
4. ලූක් ඔහුගේ සුවිශේෂය ලියද්දී තොරතුරු ලබාගත්තේ කොහෙන්ද? (ලූක් 1:3) [මාර්. 18, w09 3/15 32 පි. 4 ඡේ.]
5. අපව වරදකට හසු කරගන්න යක්ෂයා “සුදුසු අවස්ථාවක්” එනකම් බලා ඉන්නවා කියලා දන්න නිසා අපි කරන්න ඕනේ මොකක්ද? (ලූක් 4:13) [මාර්. 25, w11 1/15 23 පි. 10 ඡේ.]
6. ලූක් 6:27, 28 සඳහන් දේ අපි අදාළ කරගන්නේ කොහොමද? [මාර්. 25, w08 5/15 8 පි. 4 ඡේ.]
7. මිනිසුන්ගේ පව් වෙනුවෙන් තම ජීවිතය පූජා කරන්න කලින් ස්ත්‍රියකගේ පව්වලට සමාව දෙන්න යේසුස්ට පුළුවන් වුණේ කොහොමද? (ලූක් 7:37, 48) [අප්‍රි. 1, w10 8/15 6-7 පි.]
8. ලූක් 17:34-37 සඳහන් වෙන රාජාලීන් කවුද? ඔවුන් රැස් වන මළ කුණ කුමක්ද? [අප්‍රි. 15, gt 93 වන පාඩම 10 ඡේ.]
9. “ඉර, සඳ හා තාරකාවල ලකුණු” දකින්න ලැබෙන විට එය මිනිසුන්ට බලපාන්නේ කොහොමද? (ලූක් 21:25) [අප්‍රි. 22, w97 4/1 15 පි. 8-9 ඡේ.]
10. දරුණු පීඩාවලට මුහුණ දෙද්දී යේසුස් යාච්ඤා කළ ආකාරය ආදර්ශයට ගන්න අපිට පුළුවන් කොහොමද? (ලූක් 22:44) [අප්‍රි. 29, w07 8/1 6 පි. 3 ඡේ.]