ඔක්තෝබර් 1න් පටන්ගන්නා සතිය සඳහා වැඩසටහන
ඔක්තෝබර් 1න් පටන්ගන්නා සතිය
ගීතිකා අංක 97 සහ යාච්ඤාව
□ සභා බයිබල් පාඩම:
සාක්ෂියක් දෙමු 7වන පරි. 1-8 ඡේ. සහ 59වන පිටුවේ කොටුව (විනා. 30යි)
□ සේවා පාසැල:
බයිබල් කියවීම: දානියෙල් 4–6 (විනා. 10යි)
අංක 1: දානියෙල් 4:18-28 (විනා. 4ක් හෝ ඊට අඩුවෙන්)
අංක 2: භූතයන් සම්බන්ධ සියලුම ක්‍රියාවන් සැබෑ ක්‍රිස්තියානීන් ප්‍රතික්ෂේප කරන්නේ ඇයි? (විනා. 5යි)
අංක 3: අතීතයේදී දෙවි තම සේවකයන්ට මඟ පෙන්වීම් ලබා දුන්නේ කෙසේද?—w01 7/1 7-8 පි. (විනා. 5යි)
□ සේවා රැස්වීම:
විනා. 5: මාසයේ පළමු සෙනසුරාදා බයිබල් පාඩමක් ආරම්භ කරමු. මේ පිටුවේ ඇති අත්හදා බැලීමට යෝජනාව පාවිච්චි කරලා ඔක්තෝබර් මාසයේ පළවෙනි සතියේ බයිබල් පාඩමක් ආරම්භ කළ හැකි ආකාරය නිරූපණය කරන්න. මුරටැඹ සඟරාව වෙනුවට සතුට හා සැනසුම සොයා යන මාසික නොවන සඟරාවද පාවිච්චි කරන්න පුළුවන්. හැකි නම් ඒක කරන විදිහ නිරූපණය කරන්න. හැමෝටම සේවයේ සහභාගි වීමට උනන්දු කරන්න.
විනා. 15: පසුගිය වසරේ අප කළ සේවය. සේවා සංවිධායක ඉදිරිපත් කරන කතාවක්. පසුගිය සේවා වසරේ දේවසේවයේදී ඉටු කළ යහපත් දේවල් ගැන පවසා සභාවට ප්‍රශංසා කරන්න. තමන් ලද විශේෂ අද්දැකීම් ගැන පැවසීමට ප්‍රචාරකයෙකුව හෝ දෙදෙනෙකුව සම්මුඛ සාකච්ඡාවකට කැඳවන්න. නව සේවා වසරේදී දියුණු කරගත හැකි පැති එකක් හෝ දෙකක් පෙන්වා දී ඒ සඳහා උපකාරවත් වන යෝජනා ලබා දෙන්න.
විනා. 10: ඔක්තෝබර් මාසයේ සඟරා ඉදිරිපත් කිරීමට සූදානම් වන්න. සාකච්ඡාවක්. තත්පර 30ක් හෝ 60ක් ගෙන, ඔබේ ප්‍රදේශයේ ජනයා උනන්දුව දැක්විය හැකි ලිපි කිහිපයක් සඳහන් කරන්න. පසුව මුරටැඹ සඟරාවේ මුල් ලිපි ඉදිරිපත් කිරීම සඳහා යොදාගත හැකි ප්‍රශ්න හා බයිබල් පද සබයෙන් විමසන්න. පිබිදෙව්! සඟරාවද ඒ ආකාරයට සාකච්ඡා කරන්න. කාලය ඇත්නම් සඟරා දෙකෙන් තවත් ලිපියක් ඉදිරිපත් කළ හැකි ආකාරය සාකච්ඡා කරන්න. එක් එක් සඟරාව ඉදිරිපත් කළ හැකි ආකාරය වෙන වෙනම නිරූපණය කරන්න.
ගීතිකා අංක 85 සහ යාච්ඤාව