ඔන්ලයින් ලයිබ්‍රරි
වොච්ටවර්
ඔන්ලයින් ලයිබ්‍රරි
සිංහල
  • බයිබලය
  • ප්‍රකාශන
  • රැස්වීම්
  • km 9/12 4 පි.
  • නිවේදන

මේකට අදාළ වීඩියෝ නැහැ.

සමාවෙන්න. යම් දෝෂයක් නිසා වීඩියෝ එක ලෝඩ් කරන්න බැහැ.

  • නිවේදන
  • 2012 අපගේ රාජ්‍ය සේවාව
2012 අපගේ රාජ්‍ය සේවාව
km 9/12 4 පි.

නිවේදන

◼සැප්තැම්බර් සහ ඔක්තෝබර්: මුරටැඹ සහ පිබිදෙව්! සඟරා. නැවත බැලීම් කිරීමේදී බයිබලයේ ඉගැන්වීම් පොතෙන් එහෙමත් නැත්නම් ගෙහිමියාගේ අවශ්‍යතාවට අනුව සතුට හා සැනසුම සොයා, දෙවිට සවන් දී සැමදා ජීවත් වෙන්න හෝ දෙවිට සවන් දෙන්න යන සඟරාවකින් බයිබල් පාඩමක් ආරම්භ කිරීමට උත්සාහ කරන්න. නොවැම්බර් සහ දෙසැම්බර්: දුක් වේදනාවල නිමාව අත ළඟයි, යෙහෝවා ඔහු කවුද, යේසුස් ක්‍රිස්තුස් ඔහු කවුද, ඔබත් මේ ප්‍රශ්න ගැන කල්පනා කර තිබෙනවාද යන පත්‍රිකාවලින් එකක් හෝ සතුට හා සැනසුම සොයා යන සඟරාව ඉදිරිපත් කරන්න. ගෙහිමියා උනන්දුවක් දක්වනවා නම් බයිබලයේ ඉගැන්වීම් පොත හෝ සතුට හා සැනසුම සොයා, දෙවිට සවන් දී සැමදා ජීවත් වෙන්න, දෙවිට සවන් දෙන්න යන සඟරාවකින් බයිබල් පාඩමක් කරන ආකාරය ඔහුට පෙන්වන්න.

◼වර්ෂ 2013 සිහි කිරීම සමයේ ඉදිරිපත් කරන විශේෂ බයිබල් දේශනය අප්‍රියෙල් 1න් පටන්ගන්නා සතිය තුළ පැවැත්වෙයි. දේශනයේ තේමාව පසුව දැනුම් දෙනු ලැබේ. යම් සභාවක ඒ දේශනය ඉදිරිපත් කිරීමට නියමිත සතියේ චාරිකා සේවකගේ පැමිණීම හෝ සමුළුවක් පැවැත්වීමට නියමිතයි නම් එය ඊළඟ සතියට කල් දැමිය හැකියි. අප්‍රියෙල් 1ට කලින් විශේෂ දේශනය ඉදිරිපත් නොකළ යුතුයි.

◼ඈත පළාත්වල සේවය කරද්දී උනන්දුව දක්වන කෙනෙක් හම්බ වුණොත් අපේ සඟරා මාසිකව තැපෑලෙන් ලබාගන්න පුළුවන් කියලා ඒ අයට කියන්න. මෙය දුර ඈත ප්‍රදේශවල සේවය කරද්දී පමණක් අදාළ වෙන බව මතක තබාගන්න.

    සිංහල ප්‍රකාශන (1993-2026)
    ලොග් අවුට්
    ලොග් ඉන්
    • සිංහල
    • ලින්ක් එක යවන්න
    • සොයන ආකාරය සකස් කරගන්න
    • Copyright © 2026 Watch Tower Bible and Tract Society of Pennsylvania
    • භාවිත කිරීමේ නීති
    • පෞද්ගලික තොරතුරු රැකීම
    • Privacy Settings
    • JW.ORG
    • ලොග් ඉන්
    ලින්ක් එක යවන්න