සැප්තැම්බර් 3න් පටන්ගන්නා සතිය සඳහා වැඩසටහන
සැප්තැම්බර් 3න් පටන්ගන්නා සතිය
ගීතිකා අංක 123 සහ යාච්ඤාව
□ සභා බයිබල් පාඩම:
සාක්ෂියක් දෙමු 5වන පරි. 17-22 ඡේ. (විනා. 30යි)
□ සේවා පාසැල:
බයිබල් කියවීම: එසකියෙල් 39-41 (විනා. 10යි)
අංක 1: එසකියෙල් 40:17-31 (විනා. 4ක් හෝ ඊට අඩුවෙන්)
අංක 2: අපේ ඇස් අපිව නොමඟ යැවීමට ඉඩ තිබෙන්නේ කෙසේද?—උත්. 3:2-6 (විනා. 5යි)
අංක 3: අසල්වැසියාට ප්‍රේම කරන්න අපට පුළුවන් කොහොමද?—රාජ්‍ය සේවාව 4/01 8 පි. (විනා. 5යි)
□ සේවා රැස්වීම:
විනා. 10: සේවයේදී තර්කානුකූල වීම—2වෙනි කොටස. සේවා පාසැල පොතේ 253 පිටුවේ 3වන ඡේදයේ සිට 254 පිටුවේ අවසානය දක්වා කරන සාකච්ඡාවක්. ඒ තොරතුරුවලින් කරුණක් දෙකක් ගෙන කෙටි නිරූපණයක් කරන්න.
විනා. 10: සභා අවශ්‍යතා.
විනා. 10: සැප්තැම්බර් මාසයේ සඟරා ඉදිරිපත් කිරීමට සූදානම් වන්න. සාකච්ඡාවක්. තත්පර 30ක් හෝ 60ක් ගෙන, ඔබේ ප්‍රදේශයේ ජනයා උනන්දුව දැක්විය හැකි ලිපි කිහිපයක් සඳහන් කරන්න. පසුව මුරටැඹ සඟරාවේ මුල් ලිපි ඉදිරිපත් කිරීම සඳහා යොදාගත හැකි ප්‍රශ්න හා බයිබල් පද සබයෙන් විමසන්න. පිබිදෙව්! සඟරාවද ඒ ආකාරයට සාකච්ඡා කරන්න. කාලය ඇත්නම් සඟරා දෙකෙන් තවත් ලිපියක් ඉදිරිපත් කළ හැකි ආකාරය සාකච්ඡා කරන්න. එක් එක් සඟරාව ඉදිරිපත් කළ හැකි ආකාරය වෙන වෙනම නිරූපණය කරන්න.
ගීතිකා අංක 34 සහ යාච්ඤාව