නිවේදන
◼ අගෝස්තු: පහත සඳහන් සඟරා ඉදිරිපත් කරන්න. සතුට හා සැනසුම සොයා, සියල්ල ඇති වුණේ අහම්බෙන්ද, බයිබලය—එහි පණිවිඩය කුමක්ද සහ සතුටින් පිරි ජීවිතයකට මඟ. නැවත බැලීම් කිරීමේදී බයිබලයේ ඉගැන්වීම් පොතෙන් එහෙමත් නැත්නම් ගෙහිමියාගේ අවශ්‍යතාවට අනුව සතුට හා සැනසුම සොයා, දෙවිට සවන් දී සැමදා ජීවත් වෙන්න හෝ දෙවිට සවන් දෙන්න යන සඟරාවකින් බයිබල් පාඩමක් ආරම්භ කිරීමට උත්සාහ කරන්න. සැප්තැම්බර් සහ ඔක්තෝබර්: මුරටැඹ සහ පිබිදෙව්! සඟරා. නැවත බැලීම් කිරීමේදී බයිබලයේ ඉගැන්වීම් පොතෙන් එහෙමත් නැත්නම් ගෙහිමියාගේ අවශ්‍යතාවට අනුව සතුට හා සැනසුම සොයා, දෙවිට සවන් දී සැමදා ජීවත් වෙන්න හෝ දෙවිට සවන් දෙන්න යන සඟරාවකින් බයිබල් පාඩමක් ආරම්භ කිරීමට උත්සාහ කරන්න. නොවැම්බර් සහ දෙසැම්බර්: දුක් වේදනාවල නිමාව අත ළඟයි, යෙහෝවා ඔහු කවුද, යේසුස් ක්‍රිස්තුස් ඔහු කවුද, ඔබත් මේ ප්‍රශ්න ගැන කල්පනා කර තිබෙනවාද යන පත්‍රිකාවලින් එකක් හෝ සතුට හා සැනසුම සොයා යන සඟරාව ඉදිරිපත් කරන්න. ගෙහිමියා උනන්දුවක් දක්වනවා නම් බයිබලයේ ඉගැන්වීම් පොත හෝ සතුට හා සැනසුම සොයා, දෙවිට සවන් දී සැමදා ජීවත් වෙන්න, දෙවිට සවන් දෙන්න යන සඟරාවකින් බයිබල් පාඩමක් කරන ආකාරය ඔහුට පෙන්වන්න.
◼ ඈත පළාත්වල සේවය කරද්දී උනන්දුව දක්වන කෙනෙක් හම්බ වුණොත් අපේ සඟරා මාසිකව තැපෑලෙන් ලබාගන්න පුළුවන් කියලා ඒ අයට කියන්න. මෙය දුර ඈත ප්‍රදේශවල සේවය කරද්දී පමණක් අදාළ වෙන බව මතක තබාගන්න.
◼ සැප්තැම්බර් මාසයේ සිට චාරිකා සේවකයන් ඉදිරිපත් කරන බයිබල් දේශනයේ මාතෘකාව, “දෙවි සමඟ ගමන් කිරීමෙන් ආශීර්වාද ලබන්න!” යන්නයි.