අගෝස්තු 13න් පටන්ගන්නා සතිය සඳහා වැඩසටහන
අගෝස්තු 13න් පටන්ගන්නා සතිය
ගීතිකා අංක 68 සහ යාච්ඤාව
□ සභා බයිබල් පාඩම:
සාක්ෂියක් දෙමු 4වන පරි. 13-20 ඡේ. සහ 38වන පිටුවේ ඇති කොටුව (විනා. 25යි)
□ සේවා පාසැල:
බයිබල් කියවීම: එසකියෙල් 28-31 (විනා. 10යි)
අංක 1: එසකියෙල් 28:17-26 (විනා. 4ක් හෝ ඊට අඩුවෙන්)
අංක 2: යේසුස් පිළිබඳ ඇත්ත නැත්ත වෙන් කර හඳුනාගන්න (විනා. 5යි)
අංක 3: දේශපාලනික කටයුතු සම්බන්ධයෙන් බයිබලය දෙන මඟ පෙන්වීම් මොනවාද?—w09 8/1 7 පි. (විනා. 5යි)
□ සේවා රැස්වීම:
විනා. 5: නිවේදන.
විනා. 10: නැවත බැලීමට අඩිතාලම යොදන්න. පහත ප්රශ්න මත පදනම් සාකච්ඡාවක්: (1) මුල් හමුවීමේදීම නැවත බැලීම සඳහා ගෙහිමියාව සූදානම් කරන එක ප්රයෝජනවත් ඇයි? ඒක කරන්නේ කොහොමද? (2) ඊළඟ සාකච්ඡාවට ගෙහිමියා උනන්දුවෙන ප්රශ්නයක් තෝරගන්නේ කොහොමද? (3) හැකි ඉක්මනින් හමු වෙන්න වෙලාවක් කතා කරගන්න එකත් පුළුවන් නම් දුරකථන අංකය හෝ ඊ-මේල් ලිපිනය ලබා ගන්න එකත් ප්රයෝජනවත් ඇයි? (4) හමු වෙන්න දාගත්ත දිනයෙම ඔහුව හමු වෙන්න යන එක සුදුසු ඇයි? (5) මුල් හමු වීමෙන් පස්සේ අපි ලියාගන්න ඕනේ මොන තොරතුරුද?
විනා. 10: පූර්ණකාලීන සේවකයන් එක් කෙනෙක් හෝ දෙන්නෙක් සමඟ සාකච්ඡාවක්. පූර්ණකාලීන සේවය තෝරගන්න උදව් වුණේ මොනවද? ආපු අභියෝග මොනවද? ඒවා ජයගෙන දිගටම සේවය කරන්න පුළුවන් වුණේ කොහොමද? ලැබූ ආශීර්වාද මොනවද? ඊළඟ සේවා වසරේ ස්ථාවර පුරෝගාමි සේවය කරන්න පුළුවන්ද කියලා හිතලා බලන්න ප්රචාරකයන්ට දිරිගන්වන්න.
විනා. 10: “ඔබේ හෘදය සාක්ෂිය ආරක්ෂා කරගන්න.” ප්රශ්නෝත්තර සාකච්ඡාවක්. එක්දින සමුළු පවත්වන දිනය දන්නවා නම් සබයට දැනුම් දෙන්න.
ගීතිකා අංක 65 සහ යාච්ඤාව