‘අපි සෑම නුවරකම සිටින අයව නැවත හමු වීමට යමු’
1 දුර නිසා නැත්නම් ගමනාගමන පහසුකම් නැති නිසා කලාතුරකින් සේවය කරන ප්‍රදේශවල නැවත බැලීම් කරන එක හුඟක් අමාරුයි. ඒත් උනන්දුව දක්වන අය සත්‍ය තුළ දියුණුවක් ලබන්න නම් අපි නැවත බැලීම් කරන්න ඕනේ. පාවුල් සහ බානබස් හැම නුවරකම දේශනා කරන්න හුඟක් දුර ගමන් කළා. ඒ වුණත් ඒ නුවරවල හිටපු අයව නැවත ‘හමු වෙන්න’ ඒ දෙන්නට ලොකු වුවමනාවක් තිබුණා. (ක්‍රියා 15:36) උනන්දුව දක්වන කෙනෙක්ව හම්බ වුණොත් දිගටම ඒ කෙනාට සත්‍ය ගැන කියලා දෙන්න පුළුවන් ක්‍රම කිහිපයක් දැන් අපි බලමු.
2 තැපෑලෙන් සඟරා: ඈත පැතිවල ඉන්න අයට මුරටැඹ සහ පිබිදෙව්! සඟරා හැම මාසෙම තැපෑලෙන් යවන්න සැලැස්මක් තියෙනවා. ඒ වගේ පැතිවල සේවය කරද්දී උනන්දුව දක්වන කෙනෙක්ව හම්බ වුණොත් එයාගේ තොරතුරු කොළයක ලියලා සභාවේ වැඩිමහල්ලන්ට දෙන්න. එතකොට වැඩිමහල්ලන්, ඒ තොරතුරු ඇතුළත් කරපු ලියුමක් ශාඛා කාර්යාලයට යවනවා. ශාඛා කාර්යාලය, මාස්පතා අවුරුද්දක් යනකම් ඒ කෙනාට සඟරා තැපැල් කරනවා. කැමති නම් තැපැල් ගාස්තුවට සම්මාදම් කරන්න එයාට පුළුවන්. එහෙම කළේ නැතත් ඒ අයට සඟරා තැපැල් කරනවා.
3 ලියුම් සහ වෙනත් ක්‍රමවලින් බයිබල් පාඩම් කිරීම: ඈත පැතිවල ඉන්න උනන්දුව දක්වන අය එක්ක ලියුම්වලින් බයිබල් පාඩම් කරන්න අපිට පුළුවන්. ඒ වගේ කෙනෙක් හම්බ වුණාම, හැම සතියකම බයිබලයේ තියෙන තොරතුරු ලියුම් මාර්ගයෙන් එයාට කියලා දෙන්න පුළුවන් කියලා කියන්න. ඊට පස්සේ මුරටැඹ සඟරාවේ තියෙන “බයිබලයෙන් පිළිතුරු සොයමු” කියන ලිපිය, මාසික නොවන සඟරාවක් එහෙමත් නැත්නම් බයිබලයේ ඉගැන්වීම් පොත පාවිච්චි කරලා බයිබල් පාඩමක් කරන විදිහ එයාට කරලා පෙන්නන්න. ඒ ප්රකාශනයේ තියෙන ප්‍රශ්නවලට උත්තර ලියලා ඔයාගේ ගෙදර ලිපිනයට තැපැල් කරන්න කියලා එයාට කියන්න. පස්සේ එයාගෙන් ලියුමක් ලැබුණොත් ඒ ලියුමට උත්තර ලියද්දී ඒ කරුණට සම්බන්ධ තවත් විස්තර සහ දිරිගන්වන අදහස් ඇතුළත් කරලා ලියුමක් ලියන්න. ඔයාලගේ ගෙදර ලිපිනය දෙන්න බැරිකමක් තියෙනවා නම් නමස්කාර මධ්‍යස්ථානයේ ලිපිනය ඒ කෙනාට දෙන්න. රැස්වීම් පවත්වන්නේ සහෝදරයෙක්ගේ ගෙදරක නම් ඒ ලිපිනයත් දෙන්න බැරි නම් වැඩිමහල්ලන්ගෙන් ඒ ගැන අහන්න. මෙය පෞද්ගලික ලිපි හුවමාරුවක් නිසා ශාඛා කාර්යාලයේ ලිපිනයට ලියන්න කියලා කියන්න එපා. ඒ වගේම ශාඛා කාර්යාලය ලියුම් ලිවීම සඳහා භාවිත කරන කොළවල ඉහළ තියෙන ලාංඡනය හෝ නම හා සමාන දේවල් ඔයාලා ලියන ලියුම්වල ඇතුළත් කරන්නත් එපා.—දිව්‍යාණ්ඩු සේවා පාසැල් අධ්‍යාපනයෙන් ප්‍රයෝජන ලබමු නමැති පොතේ 71-73 පිටු බලන්න. 3වෙනි පිටුවට
4 දුරකථනයෙනුත් සතිපතා බයිබල් පාඩමක් කරන්න පුළුවන්. ගෙහිමියාට අන්තර්ජාල පහසුකම් තියෙනවා නම් ස්කයිප් (Skype) වැනි මාධ්‍යයක් මගිනුත් බයිබල් පාඩමක් කරන්න පුළුවන්. ඒක දුරකථනය පාවිච්චි කරනවාට වඩා ලාභ ක්‍රමයක්. ඔයාලට අන්තර්ජාල පහසුකම් නැත්නම් අන්තර්ජාල පහසුකම් තියෙන, සභාවේ වෙනත් කෙනෙකුට පාඩම භාර දෙන්න. ඒ පහසුකම් තියෙන කෙනෙක් සභාවෙත් නැත්නම් උනන්දුව දැක්වූ කෙනාගේ තොරතුරු ශාඛා කාර්යාලයට එවන්න. ඒ කෙනාත් එක්ක බයිබල් පාඩමක් කරන්න අවශ්‍ය සැලසුම් ශාඛා කාර්යාලයෙන් කරයි.
5 යුද්ධය තිබුණ ප්‍රදේශවල වගේම දිවයිනේ වෙනත් පැතිවල ඉන්න දෙමළ භාෂාව කතා කරන අයට ශුභාරංචිය දේශනා කරන්න දෙමළ භාෂාව කතා කරන සභාවන් සැලසුම් කරනවා. මැයි සහ ජූනි මාසවල ඒක කරන්න එයාලා විශේෂ වෑයමක් දරනවා. මේ ලිපියේ තියෙන යෝජනා ඒගොල්ලන්ට පාවිච්චි කරන්න පුළුවන්. තාවකාලික විශේෂ පුරෝගාමීන්ටත් ඒ ක්‍රම පාවිච්චි කරන්න පුළුවන්. ඒ වගේම ඒ යෝජනා පාවිච්චි කරන්න දැන් තියාම ප්‍රචාරකයන්ව සූදානම් කරන්න සියලුම සභාවන්ටත් පුළුවන්. එතකොට මේ අවුරුද්දේ ඔක්තෝබර් මාසයේදී කලාතුරකින් සේවය කරන ප්‍රදේශවල දේශනා කරන්න යද්දී ඒ ක්‍රම පාවිච්චි කරන්න හැමෝටම පුළුවන් වෙයි.a
[පාදසටහන්වල]
a ශුභාරංචිය දේශනා කරන්න අලුතෙන් වෙබ් අඩවියක් නිර්මාණය කරන්න හෝ මිතුරු සමාජ වෙබ් අඩවි මගින් එහෙම කරන්න ප්රචාරකයන්ටවත් පුරෝගාමීන්ටවත් සභාවන්ටවත් අවසර නැහැ. අපේ සඟරා පොත් පත් කියවීමට සහ ඩවුන්ලෝඩ් කරගැනීමට www.jw.org යන වෙබ් අඩවියට පිවිසෙන්න කියා උනන්දුව දක්වන අයට කියන්න.