සේවා පාසැල් පුනරීක්ෂණය
පහත සඳහන් ප්‍රශ්න 2012 ජූනි 25න් පටන්ගන්නා සතියේ පැවැත්වෙන සේවා පාසැලේදී සලකා බලයි. එක් එක් ප්‍රශ්නයට අදාළ තොරතුරු සාකච්ඡා කරන සතිය කොටු වරහන් තුළ සඳහන් කර තිබෙනවා. ඒ, සෑම සතියකම සේවා පාසැල සඳහා සූදානම් වන විට තොරතුරු සෙවීම සඳහායි.
1. දුෂ්කර කාලවලදී යෙරෙමියා බේරී ජීවත් වූ ආකාරයෙන් අපට ලැබෙන සහතිකය කුමක්ද? (යෙරෙ. 37:21) [මැයි 7, w97 9/15 3 පි. 4 ඡේ.– 4 පි. 1 ඡේ.; jr 9වන පරි. 19 ඡේ.]
2. හොඳ මිතුරන් ගැන ඒබෙද්-මෙලෙක්ගේ ආදර්ශයෙන් අපට ඉගෙනගන්න පුළුවන් මොකක්ද? (යෙරෙ. 38:8-13) [මැයි 7, jr 5වන පරි. 13 ඡේ.]
3. නෙබුකද්රෙෂර් රජුගේ ආරක්ෂක භටයින්ව යොදාගනිමින් යෙහෝවා දෙවි, යෙරෙමියා හා බාරුක්ව ආරක්ෂා කළා නම් අද දින ක්‍රිස්තියානීන් පොලිස් නිලධාරීන්ගේ ආරක්ෂාව ලබාගැනීමේ වරදක් තිබෙනවාද? (යෙරෙ. 39:11-14) [මැයි 14, w84 4/1 28 පි.; bt 25වන පරි. 6 ඡේ.]
4. බාරුක් ලබාගැනීමට උත්සාහ කළ “බොහෝ දේවල්” කුමක් වෙන්න පුළුවන්ද? ඔහු යෙහෝවා දෙවිගේ උපදෙස්වලට ප්‍රතිචාරය දැක්වූ ආකාරයෙන් අපට ඉගෙනගත හැක්කේ මොකක්ද? (යෙරෙ. 45:5) [මැයි 21, w06 8/15 18 පි. 1 ඡේ.; 19 පි. 6 ඡේ.]
5. රාත්‍රියේ පැමිණෙන “සොරුන්” හා “මිදිපල නෙළන්නන්” සමඟ ඒදොම්හි විනාශය සැසඳීමෙන් පැහැදිලි වෙන්නේ කුමක්ද? (යෙරෙ. 49:9, 10) [මැයි 28, w07 11/1 13 පි. 4 ඡේ.]
6. ‘ශෙදකියා රජු, බැබිලෝනියේ රජුට විරුද්ධව කැරලිගැසූ’ නිසා ඔහුට මුහුණ දෙන්න සිදු වූ දෙයින් අපට ඉගෙනගත හැකි පාඩම කුමක්ද? (යෙරෙ. 52:3, 7-11) [ජූනි 4, w89 2/1 9 පි. 8 ඡේ.; jr 2වන පරි. 24 ඡේ.]
7. යෙහෝවා දෙවිගේ “පා පුටුව” යනු කුමක්ද? දේවමාලිගාව ‘පැල්පතක්’ මෙන් වුණේ කෙසේද? (විලා. 2:1, 6) [ජූනි 11, w07 6/1 9 පි. 2 ඡේ.]
8. යෙහෝවා දෙවි, ‘තමාව සිහි කර, තමා වෙතට පැමිණ තමාගේ දුකට පිහිට’ වන බව යෙරෙමියා පැවසූ දෙයින් අප දෙවි ගැන ඉගෙනගන්නේ කුමක්ද? (විලා. 3:20) [ජූනි 18, w07 6/1 11 පි. 3 ඡේ.]
9. යෞවන කාලයේදී දුෂ්කරතාවලට මුහුණ දීම මනුෂ්‍යයෙකුට ප්‍රයෝජනවත් වෙන්නේ ඇයි? (විලා. 3:27) [ජූනි 18, w07 6/1 11 පි. 5 ඡේ.]
10. මිනිසුන් ඇහුම්කන් නොදුන්නත් නිර්භීතව දේශනා කරන්න අපට එසකියෙල්ගේ ආදර්ශය උපකාර වෙන්නේ කොහොමද? (එස. 3:8, 9) [ජූනි 25, w08 7/15 8 පි. 6-7 ඡේ.]