ජූලි 2න් පටන්ගන්නා සතිය සඳහා වැඩසටහන
ජූලි 2න් පටන්ගන්නා සතිය
ගීතිකා අංක 108 සහ යාච්ඤාව
□ සභා බයිබල් පාඩම:
සාක්ෂියක් දෙමු 3වන පරි. 1-3 ඡේ. සහ 25-29 පිටුවල ඇති කොටු (විනා. 25යි)
□ සේවා පාසැල:
බයිබල් කියවීම: එසකියෙල් 6-10 (විනා. 10යි)
අංක 1: එසකියෙල් 7:14-27 (විනා. 4ක් හෝ ඊට අඩුවෙන්)
අංක 2: යටහත් පහත්කම සම්බන්ධයෙන් යොනාතාන් හොඳ ආදර්ශයක් වන්නේ කෙසේද?—1 සාමු. 23:16-18 (විනා. 5යි)
අංක 3: වයින් සහ රොටි, යේසුස්ගේ මාංසය හා රුධිරය බවට පත් වෙනවාද?—w08 4/1 27-28 පි. (විනා. 5යි)
□ සේවා රැස්වීම:
විනා. 5: නිවේදන.
විනා. 10: සේවයේදී තර්කානුකූල වීම—1වෙනි කොටස. සේවා පාසැල පොතේ 251-253වෙනි පිටුවේ 2වෙනි ඡේදය දක්වා තියෙන තොරතුරු ගැන සාකච්ඡාවක්. කරුණු එකක් හෝ දෙකක් කෙටියෙන් නිරූපණය කරන්න.
විනා. 10: ජූලි මාසයේ, මාසික නොවන සඟරාවක් ඉදිරිපත් කරමු. සාකච්ඡාවක්. සභාවට අයත් ප්රදේශයට සුදුසු, සතුට හා සැනසුම සොයා වැනි මාසික නොවන සඟරාවක් තෝරාගෙන එකේ විශේෂත්වය ගැන කියන්න. ඒ සඟරාව ඉදිරිපත් කරන්න පුළුවන් විදි එකක් හෝ දෙකක් නිරූපණය කරන්න.
විනා. 10: ජූලි මාසයේ සඟරා ඉදිරිපත් කිරීමට සූදානම් වන්න. සාකච්ඡාවක්. ලිපි දෙකක් හෝ තුනක් තෝරාගෙන ඔබේ ප්රදේශයේ ජනයා ඒ ලිපි ගැන උනන්දුව දක්වයි කියා ඔබ හිතන හේතු සඳහන් කරන්න. එය තත්පර 30කින් හෝ 60කින් කරන්න. පසුව මුරටැඹ සඟරාවේ මුල් ලිපි ඉදිරිපත් කිරීම සඳහා යොදාගත හැකි ප්රශ්න හා බයිබල් පද සබයෙන් විමසන්න. පිබිදෙව්! සඟරාවේ මුල් ලිපි ගැනත් ඒ විදිහට සාකච්ඡා කරන්න. කාලය ඇත්නම් කැමති සඟරාවකින් තවත් ලිපියක් ඉදිරිපත් කළ හැකි ආකාරය සාකච්ඡා කරන්න. එක් එක් සඟරාව ඉදිරිපත් කළ හැකි ආකාරය වෙන වෙනම නිරූපණය කරන්න.
ගීතිකා අංක 31 සහ යාච්ඤාව