අප්රියෙල් 30න් පටන්ගන්නා සතිය සඳහා වැඩසටහන
අප්රියෙල් 30න් පටන්ගන්නා සතිය
ගීතිකා අංක 97 සහ යාච්ඤාව
□සභා බයිබල් පාඩම:
මගේ අනුගාමිකයෙක් වෙන්න 18වන පරි. 1-9 ඡේ. (විනා. 25යි)
□සේවා පාසැල:
බයිබල් කියවීම: යෙරෙමියා 32-34 (විනා. 10යි)
සේවා පාසැල් පුනරීක්ෂණය (විනා. 20යි)
□සේවා රැස්වීම:
විනා. 10: නිවේදන. අටවෙනි පිටුවේ අත්හදා බැලීමට ඇති යෝජනාව යොදාගෙන මැයි මාසයේ පළමු සෙනසුරාදා බයිබල් පාඩමක් ආරම්භ කළ හැකි ආකාරය නිරූපණය කරන්න.
විනා. 10: “සතුට හා සැනසුම සොයාගන්න අනිත් අයට අත දෙන්න.”—2වෙනි කොටස, 9-16 ඡේද දක්වා. ප්රශ්නෝත්තර සාකච්ඡාවක්. නවවෙනි ඡේදයේ තොරතුරු පදනම් කරගෙන නැවත බැලීමක් කරන ආකාරය නිරූපණය කරන්න.
විනා. 10: අප ඉගෙනගන්නේ කුමක්ද? සබය සමඟ සාකච්ඡාවක්. ක්රියා 4:1-13, 18-20 දක්වා කියවන්න. එම වාර්තාව දේශනා සේවය සඳහා උපකාරවත් වන ආකාරය සාකච්ඡා කරන්න.
විනා. 5: “සුළු වටිනාකමකින් යුත් කාසි දෙකක්.” කතාවක්.
ගීතිකා අංක 126 සහ යාච්ඤාව