අප්‍රියෙල් 9න් පටන්ගන්නා සතිය සඳහා වැඩසටහන
අප්‍රියෙල් 9න් පටන්ගන්නා සතිය
ගීතිකා අංක 99 සහ යාච්ඤාව
□සභා බයිබල් පාඩම:
මගේ අනුගාමිකයෙක් වෙන්න 17වන පරි. 1-9 ඡේ. (විනා. 25යි)
□සේවා පාසැල:
බයිබල් කියවීම: යෙරෙමියා 22-24 (විනා. 10යි)
අංක 1: යෙරෙමියා 23:15-23 (විනා. 4ක් හෝ ඊට අඩුවෙන්)
අංක 2: පාරාදීසයේ ගත කරන ජීවිතය ඒකාකාරී එකක් නොවන්නේ ඇයි? (විනා. 5යි)
අංක 3: දෙවිගේ මඟ පෙන්වීම් අදාළ කරගැනීමෙන් විවාහයේ ප්‍රීතිය වැඩි කරගත හැකියි.—g 7/08 6-9 පි. (විනා. 5යි)
□සේවා රැස්වීම:
විනා. 5: නිවේදන.
විනා. 15: “පාලක මණ්ඩලයෙන් ලියුමක්.” මෙම ලියුමේ තොරතුරු කතාවේ හැඳින්වීම සඳහා භාවිත කරන්න. වර්ෂ 2012 මාර්තු මාසයේ රාජ්‍ය සේවාව අතිරේකය බලන්න. වර්ෂ 2011දී පළ වූ මුරටැඹ සඟරාවලින් දිරිගන්වනසුලු අද්දැකීම් පැවසීමට කිහිපදෙනෙකුව කල්තියා සූදානම් කරන්න. රාජ්‍ය සේවාව අතිරේකයේ පළ වූ ලෝක ව්‍යාප්ත වාර්තාවේ කැපීපෙනෙන පැති ගැන අදහස් දැක්වීමට සබයට ආරාධනා කරන්න.
විනා. 15: “හොඳ ගුරුවරයෙක් වෙන්න යෝජනා තුනක්.” ප්‍රශ්නෝත්තර සාකච්ඡාවක්. දෙවන ඡේදය සාකච්ඡා කරන විට, ප්‍රචාරකයෙක් බයිබලයේ ඉගැන්වීම් පොතේ තුන්වෙනි පිටුවේ පළමුවෙනි ඡේදය ගෙහිමියෙක් සමඟ සාකච්ඡා කරන ආකාරය නිරූපණය කරන්න. ප්‍රචාරකයා යෝබ් 10:15 කියෙව්වාට පසුව යෝබ් කවුද යන්න විනාඩියකට දෙකකට පැහැදිලි කරයි. ප්‍රචාරකයා යෝබ් ගැන පැවසූ තොරතුරු නිවැරදි වුණත් එය හොඳ ඉගැන්වීමේ ක්‍රමයක් නොවන්නේ ඇයි කියා සබයෙන් විමසන්න.
ගීතිකා අංක 10 සහ යාච්ඤාව