අප කළ සේවය
ඔක්තෝබර් මාසය සඳහා සේවය වාර්තා කළ ප්‍රචාරකයන් 5,051දෙනා, සඟරා 1,31,807ක් බෙදාහැරිය බව අප දැනුම් දෙන්නේ ඉමහත් සතුටකින්. එය පසුගිය මාසෙට වඩා සඟරා 40,000ක පමණ වැඩි වීමක්. මෙය කලාතුරකින් සේවය කරන ප්‍රදේශවල සේවය කිරීමට එම මාසය තුළ දැරූ උත්සාහයේ ප්‍රතිඵලයක් බවට කිසිම සැකයක් නැහැ. එවැනි ප්‍රදේශවල ශුභාරංචියේ “බීජ” වැපිරීම සඳහා ඔබ දැරූ වෑයමට යෙහෝවා දෙවිගේ ආශීර්වාදය නොඅඩුව ලැබේවා!–දේශ 11:1, 6.