ජනවාරි 9න් පටන්ගන්නා සතිය සඳහා වැඩසටහන
ජනවාරි 9න් පටන්ගන්නා සතිය
ගීතිකා අංක 22 සහ යාච්ඤාව
□ සභා බයිබල් පාඩම:
මගේ අනුගාමිකයෙක් වෙන්න 12වන පරි. 15-21ඡේ. සහ 149වන පිටුවේ කොටුව (විනා. 25යි)
□ සේවා පාසැල:
බයිබල් කියවීම: යෙසායා 29-33 (විනා. 10යි)
අංක 1: යෙසායා 30:15-26 (විනා. 4ක් හෝ ඊට අඩුවෙන්)
අංක 2: මිනිසාව නිර්මාණය කර තිබෙන්නේ කෙටි කලක් ජීවත් වී මිය යෑමටද?—බයිබලයේ ඉගැන්වීම් 27 පි. 1 ඡේ.–28 පි. 3 ඡේ. (විනා. 5යි)
අංක 3: අසම්පූර්ණ මිනිසුන්ට දෙවිගේ නාමය ගෞරවයට පත් කළ හැක්කේ කෙසේද?—මතෙ. 6:9 (විනා. 5යි)
□ සේවා රැස්වීම:
විනා. 5: නිවේදන.
විනා. 10: වෙනත් භාෂාවක් කතා කරන අයට දේශනා කරන්න. සියලු ජාතීන්ට අයත් ජනයාට ශුභාරංචි නමැති පොත්පිංචයේ 2වන පිටුවේ ඇති තොරතුරු මත පදනම් කතාවක්. එය යොදාගත හැකි ආකාරය නිරූපණය කරන්න.
විනා. 10: බයිබලය දෙවිගෙන් ලැබුණු පොතක් බවට සාක්ෂි. බයිබලයේ ඉගැන්වීම් පොතේ 23 පි. 13වන ඡේදයේ සිට 25 පි. 17වන ඡේද මත පදනම් සාකච්ඡාවක්. සියලුම ජනයා සඳහා පොතක් යන මාසික නොවන සඟරාවේ 18-21 පිටුවල ඇති තොරතුරුද බලන්න.
විනා. 10: “ප්රතිඵල ලැබෙන ආකාරයෙන් සේවය කරමු.” ප්රශ්නෝත්තර සාකච්ඡාවක්. දෙවන ඡේදය සාකච්ඡා කරන විට සේවා සංවිධායකව කැඳවා, ජනයා වැඩියෙන් ගැවසෙන්නේ සතියේ කුමන දිනවලද හා කුමන වේලාවන්වලද කියා විමසන්න.
ගීතිකා අංක 115 සහ යාච්ඤාව