නොවැම්බර් 28න් පටන්ගන්නා සතිය සඳහා වැඩසටහන
නොවැම්බර් 28න් පටන්ගන්නා සතිය
ගීතිකා අංක 37 සහ යාච්ඤාව
□ සභා බයිබල් පාඩම:
මගේ අනුගාමිකයෙක් වෙන්න 10වන පරි. 18-23 ඡේ. සහ 125වන පිටුවේ කොටුව (විනා. 25යි)
□ සේවා පාසැල:
බයිබල් කියවීම: සලමොන්ගේ ගීතිකාව 1-8 (විනා. 10යි)
අංක 1: සලමොන්ගේ ගීතිකාව 1:1-17 (විනා. 4ක් හෝ ඊට අඩුවෙන්)
අංක 2: විවාහය: ක්‍රිස්තියානියෙකු විවාහ විය යුත්තේ ක්‍රිස්තියානියෙකු සමඟ පමණි—35ඈ බයිබල් විෂයන් (විනා. 5යි)
අංක 3: අන් අයගේ ගෞරවය දිනාගන්න පුළුවන් කොහොමද? (විනා. 5යි)
□ සේවා රැස්වීම:
විනා. 10: නිවේදන. හතරවන පිටුවේ ඇති යෝජනාව යොදාගනිමින් දෙසැම්බර් මාසයේ පළමු සෙනසුරාදා බයිබල් පාඩමක් ආරම්භ කළ හැකි ආකාරය නිරූපණය කරන්න. එදින සේවයේ හවුල් වීමට සියල්ලන්ව දිරිගන්වන්න.
විනා. 15: “හොඳ ගුරුවරයෙකුට අත්‍යවශ්‍යම ගුණාංගය.” ප්‍රශ්නෝත්තර සාකච්ඡාවක්. දෙවි සමඟ කිට්ටු මිත්‍රත්වයක් ඇති කරගැනීම සඳහා තමන් සමඟ බයිබලය පාඩම් කළ තැනැත්තා දැක්වූ ප්‍රේමය උපකාරවත් වුණේ කෙසේද කියා පැවසීමට සබයට ආරාධනා කරන්න.
විනා. 10: දෙසැම්බර් මාසයේ සඟරා ඉදිරිපත් කිරීමට සූදානම් වන්න. සාකච්ඡාවක්. ඔබේ ප්‍රදේශයට ගැළපෙන ලිපි මොනවාද කියා විනාඩියකින් හෝ දෙකකින් සලකා බලන්න. පසුව මුරටැඹ සහ පිබිදෙව්! කලාපවල මුල් ලිපි ඉදිරිපත් කිරීමට යොදාගත හැකි ප්‍රශ්න සහ බයිබල් පද සබයෙන් අසන්න. කාලය තිබේ නම් වෙනත් ලිපියක් ඉදිරිපත් කළ හැකි ආකාරයද විමසන්න. එක් එක් සඟරාව ඉදිරිපත් කළ හැකි ආකාරය නිරූපණය කරන්න.
ගීතිකා අංක 63 සහ යාච්ඤාව