ජූලි 4න් පටන්ගන්නා සතිය සඳහා වැඩසටහන
ජූලි 4න් පටන්ගන්නා සතිය
ගීතිකා අංක 85 සහ යාච්ඤාව
□ සභා බයිබල් පාඩම:
මගේ අනුගාමිකයෙක් වෙන්න 3වන පරි. 20-24 ඡේ. සහ 39වන පිටුවේ කොටුව (විනා. 25යි)
□ සේවා පාසැල:
බයිබල් කියවීම: ගීතාවලිය 60-68 (විනා. 10යි)
අංක 1: ගීතාවලිය 62:1–63:5 (විනා. 4ක් හෝ ඊට අඩුවෙන්)
අංක 2: හග්ගයි 2:7හි අනාවැකිය ඉටු වෙද්දී අප ඊට හවුල් වන්නේ කොහොමද? (විනා. 5යි)
අංක 3: යේසුස්: දෙවිගේ පුත්‍රයා හා දේවරාජ්‍යයේ රජුය—29අ බයිබල් විෂයන් (විනා. 5යි)
□ සේවා රැස්වීම:
විනා. 5: නිවේදන.
විනා. 10: ‘මට මගේ ආගම තියෙනවා’ කියලා කෙනෙක් පවසන විට. බයිබල් සාකච්ඡාවන් ආරම්භ කර දිගටම පවත්වාගෙන යා හැකි අයුරු නම් පොතේ 10 පි. 4 ඡේ. සිට 11 පි. 7 ඡේ. දක්වා ඇති කරුණු මත පදනම් සාකච්ඡාවක්. එම ප්රශ්නය ඇසූ විට එය සාර්ථකව හැසිරෙවූ වෙනත් ආකාර තිබෙනවාද කියා සබයෙන් අසන්න. එහි ඇති යෝජනාවක් හෝ දෙකක් නිරූපණය කරන්න.
විනා. 10: අප ඉගෙනගන්නේ කුමක්ද? සබය සමඟ සාකච්ඡාවක්. ලූක් 9:57-62 සහ ලූක් 14:25-33 කියවීමට සලස්වන්න. එම බයිබල් පද දේවසේවයට උපකාර විය හැකි ආකාරය ගැන සලකා බලන්න.
විනා. 10: සභා අවශ්‍යතා.
ගීතිකා අංක 124 සහ යාච්ඤාව