නිවේදන
◼ ජූනි: බයිබලයේ ඉගැන්වීම් පොත. දැනටමත් එය නිවැසියා ළඟ ඇත්නම් 1995ට පෙර පළ වූ පිටු 192කින් යුත් පොත් ඉදිරිපත් කරන්න. ජූලි සහ අගෝස්තු: පොත් පත් තොගයේ ඇති ප්‍රදේශයට වඩාත් ගැළපෙන ඕනෑම මාසික නොවන සඟරාවක්. අමතර සඟරා අවශ්‍ය නම් ඉල්ලුම් කරන්න. සැප්තැම්බර්: බයිබලයේ ඉගැන්වීම් පොත. පළමු හමු වීමේදීම බයිබල් පාඩමක් පටන්ගැනීමට වෑයම් කරන්න. දැනටමත් එය නිවැසියා ළඟ ඇත්නම් හා ඔහු පාඩමක් කිරීමට කැමති නැත්නම් සාකච්ඡා කළ කාරණයට ගැළපෙන, කලකට පෙර පළ වූ මාසික සඟරාවක් හෝ මාසික නොවන සඟරාවක් ඉදිරිපත් කළ හැකියි. ඔක්තෝබර්: මුරටැඹ සහ පිබිදෙව්! සඟරා. උනන්දුව දක්වන අයට ඔබත් මේ ප්‍රශ්න ගැන කල්පනා කර තිබෙනවාද? නමැති පත්‍රිකාව ඉදිරිපත් කර පාඩමක් පටන්ගැනීමට වෑයම් කරන්න.