ජූනි 6න් පටන්ගන්නා සතිය සඳහා වැඩසටහන
ජූනි 6න් පටන්ගන්නා සතිය
ගීතිකා අංක 68 සහ යාච්ඤාව
□ සභා බයිබල් පාඩම:
මගේ අනුගාමිකයෙක් වෙන්න 2වන පරි. 9-14 ඡේ. (විනා. 25යි)
□ සේවා පාසැල:
බයිබල් කියවීම: ගීතාවලිය 34-37 (විනා. 10යි)
අංක 1: ගීතාවලිය 35:1-18 (විනා. 4ක් හෝ ඊට අඩුවෙන්)
අංක 2: යෙහෝවා, දෙවි: දෙවිගේ ගතිලක්ෂණ—27ඇ බයිබල් විෂයන් (විනා. 5යි)
අංක 3: ලූක් 12:13-15, 21හි ඇති උපදෙසින් අපට ඉගෙනගන්න පුළුවන් කුමක්ද? (විනා. 5යි)
□ සේවා රැස්වීම:
විනා. 5: නිවේදන.
විනා. 10: බලපෑමෙන් යුතුව ප්‍රශ්න යොදාගැනීම—2වෙනි කොටස. සේවා පාසැල පොතේ 237වන පිටුවේ 3වන ඡේදයේ සිට 238වන පිටුවේ 6වන ඡේදය දක්වා ඇති කරුණු මත පදනම්ව සාකච්ඡාවක්. එහි කරුණක් හෝ දෙකක් කෙටියෙන් නිරූපණය කරන්න.
විනා. 10: සභා අවශ්‍යතා.
විනා. 10: අපි දැරූ වෑයම! සේවා සංවිධායක විසින් කරන සාකච්ඡාවක්. සිහි කිරීමේ කාලයේදී සභාව දැරූ වෙහෙසට ප්‍රශංසා කර ලැබී ඇති ප්‍රතිඵල ගැන සඳහන් කරන්න. මාර්තු, අප්‍රියෙල් හා මැයි මාසවලදී උපකාරික පුරෝගාමී සේවයේදී අද්දුටු කදිම අද්දැකීම් ගැන සබයෙන් අදහස් විමසන්න.
ගීතිකා අංක 83 සහ යාච්ඤාව