මැයි 30න් පටන්ගන්නා සතිය සඳහා වැඩසටහන
මැයි 30න් පටන්ගන්නා සතිය
ගීතිකා අංක 33 සහ යාච්ඤාව
□ සභා බයිබල් පාඩම:
මගේ අනුගාමිකයෙක් වෙන්න 2වන පරි. 1-8 ඡේ. (විනා. 25යි)
□ සේවා පාසැල:
බයිබල් කියවීම: ගීතාවලිය 26-33 (විනා. 10යි)
අංක 1: ගීතාවලිය 31:9-24 (විනා. 4ක් හෝ ඊට අඩුවෙන්)
අංක 2: යටහත්පහත්කම පෙන්වීම සම්බන්ධයෙන් බයිබලයේ සඳහන් ආදර්ශ මොනවාද? (විනා. 5යි)
අංක 3: යෙහෝවා, දෙවි: දෙවි සැබෑ පුද්ගලයෙකි—27ආ බයිබල් විෂයන් (විනා. 5යි)
□ සේවා රැස්වීම:
විනා. 10: නිවේදන. හතරවන පිටුවේ ඇති අත්හදා බැලීමට යෝජනාවක් යොදාගෙන ජූනි පළවෙනි සෙනසුරාදා පාඩමක් පටන්ගත හැකි ආකාරය නිරූපණය කරන්න. එදින සේවයේ හවුල් වීමට සියල්ලන්ව දිරිගන්වන්න.
විනා. 15: පර්යේෂණ කළ යුතු අන්දම. පාසැල් පොතේ 33-38 දක්වා ඇති කරුණු මත සාකච්ඡාවක්. දේවසේවයේදී නැඟූ ප්රශ්නයකට ප්රකාශනවලින් පිළිතුරු සොයන ආකාරය ප්රචාරකයෙක් කෙටියෙන් නිරූපණය කරන ආකාරය ඇතුළත් කරන්න.
විනා. 10: ජූනි මාසයේ සඟරා ඉදිරිපත් කිරීමට සූදානම් වන්න. සබය සමඟ සාකච්ඡාවක්. විනාඩියකින් හෝ දෙකකින් සඟරාවල තිබෙන තොරතුරු සලකා බලන්න. ඉන්පසු ලිපි දෙකක් හෝ තුනක් තෝරාගෙන ඒවා ඉදිරිපත් කිරීම සඳහා යොදාගත හැකි ප්රශ්න සහ බයිබල් පද සබයෙන් අසන්න. එක් එක් සඟරාව ඉදිරිපත් කළ හැකි ආකාරය වෙන වෙනම නිරූපණය කරන්න.
ගීතිකා අංක 113 සහ යාච්ඤාව