මැයි 23න් පටන්ගන්නා සතිය සඳහා වැඩසටහන
මැයි 23න් පටන්ගන්නා සතිය
ගීතිකා අංක 39 සහ යාච්ඤාව
□ සභා බයිබල් පාඩම:
මගේ අනුගාමිකයෙක් වෙන්න 1වන පරි. 16-20 ඡේ. සහ 15වන පිටුවේ කොටුව (විනා. 25යි)
□ සේවා පාසැල:
බයිබල් කියවීම: ගීතාවලිය 19-25 (විනා. 10යි)
අංක 1: ගීතාවලිය 23:1–24:10 (විනා. 4ක් හෝ ඊට අඩුවෙන්)
අංක 2: යෙහෝවා, දෙවි: දෙවිගේ නම—27අ බයිබල් විෂයන් (විනා. 5යි)
අංක 3: රෝම 8:21හි ඇති දෙය ඉටු වන්නේ කොහොමද? කවදාද? (විනා. 5යි)
□ සේවා රැස්වීම:
විනා. 10: නිවේදන. “නැවත ගොස් බලන්න (S-43) නමැති පෝර්මය භාවිත කරමු” සබය සමඟ සාකච්ඡාවක්.
විනා. 10: සංවාදයන් ආරම්භ කිරීමට වටිනා කරුණු තුනක්. බයිබල් සාකච්ඡාවන් ආරම්භ කර දිගටම පවත්වාගෙන යා හැකි අයුරු යන පොතේ 2වන පිටුවේ 1වන ඡේදය මත පදනම්ව කතාවක්. එහි කරුණු සලකා බැලූ පසු ජූනි මාසයට නියමිත ප්රකාශන ඉදිරිපත් කරන ආකාරය පෙන්වන නිරූපණ දෙකක් ඇතුළත් කරන්න.
විනා. 15: ඒ යෝජනා අත්හදා බැලුවද? සබය සමඟ සාකච්ඡාවක්. මෑත කාලයේදී අපගේ රාජ්ය සේවාවේ පළ වූ “ඕනෑම අවස්ථාවකට සරිලන පත්රිකාවක්” සහ “බයිබල් පාඩම් පටන්ගැනීමට අලුත් ලිපි පෙළක්” (km 12/10) සහ “පවුල්වලට දෙවිගෙන් තෑග්ගක්” (km 1/11) යන ලිපිවලින් ගත් තොරතුරු කතාවක් ලෙස කෙටියෙන් ඉදිරිපත් කරන්න. පසුව ඒවායේ තිබූ යෝජනා අදාළ කරගත් ආකාරය හා ඉන් ලැබූ ප්රයෝජන ගැන අදහස් දැක්වීමට සබයට ආරාධනා කරන්න.
ගීතිකා අංක 56 සහ යාච්ඤාව