මැයි 2න් පටන්ගන්නා සතිය සඳහා වැඩසටහන
මැයි 2න් පටන්ගන්නා සතිය
ගීතිකා අංක 99 සහ යාච්ඤාව
□ සභා බයිබල් පාඩම:
දෙවිගේ ප්‍රේමය 17වන පරි. 11-22 ඡේ. (විනා. 25යි)
□ සේවා පාසැල:
බයිබල් කියවීම: යෝබ් 38-42 (විනා. 10යි)
අංක 1: යෝබ් 40:1-24 (විනා. 4ක් හෝ ඊට අඩුවෙන්)
අංක 2: ඉවසීමෙන් හා මෘදුකමින් කටයුතු කිරීමේ ඇති ප්‍රයෝජන මොනවාද? (විනා. 5යි)
අංක 3: යක්ෂයා, භූතයෝ: භූතවාදය ප්‍රතික්ෂේප කළ යුතුයි—25ඈ බයිබල් විෂයන් (විනා. 5යි)
□ සේවා රැස්වීම:
විනා. 10: නිවේදන. මැයි මාසයේ පළමු සෙනසුරාදා බයිබල් පාඩමක් ආරම්භ කිරීමට මෙම පිටුවේ ඇති ‘අත්හදා බැලීමට යෝජනා’ නමැති කොටසේ තිබෙන යෝජනා නිරූපණය කරන්න. සියලුදෙනාටම එදිනට සේවයේ හවුල් වීමට ආරාධනා කරන්න.
විනා. 15: සභා අවශ්‍යතා.
විනා. 10: මැයි මාසයේ සඟරා ඉදිරිපත් කිරීමට සූදානම් වන්න. සබය සමඟ සාකච්ඡාවක්. විනාඩියකින් හෝ දෙකකින් සඟරාවල තිබෙන තොරතුරු සලකා බලන්න. ඉන්පසු ලිපි දෙකක් හෝ තුනක් තෝරාගෙන ඒවා ඉදිරිපත් කිරීම සඳහා යොදාගත හැකි ප්‍රශ්න සහ බයිබල් පද සබයෙන් අසන්න. එක් එක් සඟරාව ඉදිරිපත් කළ හැකි ආකාරය වෙන වෙනම නිරූපණය කරන්න.
ගීතිකා අංක 91 සහ යාච්ඤාව