නිවේදන
◼ අප්‍රියෙල් සහ මැයි: මුරටැඹ සහ පිබිදෙව්! සඟරා. සිහි කිරීමට හෝ වෙනත් විශේෂ අවස්ථාවලදී පමණක් රැස්වීම්වලට පැමිණෙන අය ඇතුළු උනන්දුව දක්වන අයව නැවත ගොස් බලන විට බයිබලයේ ඉගැන්වීම් පොත ඉදිරිපත් කර පාඩමක් පටන්ගැනීමට වෑයම් කරන්න. ජූනි: බයිබලයේ ඉගැන්වීම් පොත. දැනටමත් එය නිවැසියා ළඟ ඇත්නම් 1995ට පෙර පළ වූ පිටු 192කින් යුත් පොත් ඉදිරිපත් කරන්න. ජූලි සහ අගෝස්තු: පොත් පත් තොගයේ ඇති ප්‍රදේශයට වඩාත් ගැළපෙන ඕනෑම මාසික නොවන සඟරාවක්. අමතර සඟරා අවශ්‍ය නම් ඉල්ලුම් කරන්න.
◼ දිස්ත්‍රික් සමුළුවට අදාළ උපදෙස් හා සිහිගැන්වීම් සලකා බැලීමට සමුළුවට කලින් සතියේ සේවා රැස්වීමේ යම් සකස් කිරීමක් කළ හැකියි. ඉන් මසකට හෝ දෙකකට පසු සමුළුවෙන් ඉගෙනගත්, සේවයට ප්‍රයෝජනවත් කරුණු සභා අවශ්‍යතා යටතේ සලකා බැලිය හැකියි.
◼ සෑම සභාවක්ම මැයි මාසයේ සිට මාසයේ පළමු සෙනසුරාදා දිනයේදී බයිබල් පාඩම් ආරම්භ කිරීමට වෑයමක් දැරිය යුතුයි. මුරටැඹ පොදු කලාපයේ පළ වන “බයිබලයෙන් පිළිතුරු සොයමු” යන ලිපි පෙළ සකස් කර තිබෙන්නේ ඒ සඳහා ප්‍රචාරකයන්ට උපකාර කිරීමටයි. ඊළඟ මාසයේ පොත් පත් සඟරා ඉදිරිපත් කරන ආකාරය ගැන යෝජනා මෙන්ම පළමු සෙනසුරාදා දින බයිබල් පාඩමක් ආරම්භ කිරීමට යෝජනාවක්ද රාජ්‍ය සේවාවේ අවසන් පිටුවේ පළ වෙයි.