මාර්තු 28න් පටන්ගන්නා සතිය සඳහා වැඩසටහන
මාර්තු 28න් පටන්ගන්නා සතිය
ගීතිකා අංක 45 සහ යාච්ඤාව
□ සභා බයිබල් පාඩම:
දෙවිගේ ප්‍රේමය 15 පරි. 18-23 ඡේ. සහ 206වන පිටුවේ කොටුව (විනා. 25යි)
□ සේවා පාසැල:
බයිබල් කියවීම: යෝබ් 11-15 (විනා. 10යි)
අංක. 1: යෝබ් 13:1-28 (විනා. 4ක් හෝ ඊට අඩුවෙන්)
අංක. 2: ‘සබත් දවස මනුෂ්‍ය පුත්‍රයාගේ බලය යටතේ පවතින්නේ’ කොහොමද?—මතෙ. 12:8 (වින. 5යි)
අංක. 3: මුතුන්මිත්තන්ට නමස්කාර කිරීම: මිනිසුන්ට ගරු කළ හැක. නමුත් නමස්කාරය දෙවිට පමණි—24ආ බයිබල් විෂයන් (විනා. 5යි)
□ සේවා රැස්වීම:
විනා. 5: නිවේදන. අප්‍රියෙල් මාසයේ ඉදිරිපත් කිරීම සඳහන් කරන්න. සඟරා ලබාගත් කෙනෙකුව නැවත හමු වීමට යන විට බයිබල් පාඩමක් පටන්ගන්නා ආකාරය නිරූපණය කරන්න.
විනා. 10: දේවරාජ්‍යයේ වැඩවලට සහයෝගය දක්වමු. වර්ෂ 2007 මැයි රාජ්‍ය සේවාවේ 3 පි. 1-6 ඡේ. මත පදනම් කතාවක්.
විනා. 10: අප්‍රියෙල් මාසයේ සඟරා ඉදිරිපත් කිරීමට සූදානම් වන්න. සබය සමඟ සාකච්ඡාවක්. විනාඩියකින් හෝ දෙකකින් සඟරාවල තිබෙන තොරතුරු සලකා බලන්න. ඉන්පසු ලිපි දෙකක් හෝ තුනක් තෝරාගෙන ඒවා ඉදිරිපත් කිරීම සඳහා යොදාගත හැකි ප්‍රශ්න සහ බයිබල් පද සබයෙන් විමසන්න. එක් එක් සඟරාව ඉදිරිපත් කළ හැකි ආකාරය වෙන වෙනම නිරූපණය කරන්න.
විනා. 10: “ඔබ ස්ථාවර පුරෝගාමි සේවය නතර කළ කෙනෙක්ද?” ප්‍රශ්නෝත්තර සාකච්ඡාවක්. කලින් පුරෝගාමි සේවය කර එය නවතා, තත්වයන් වෙනස් වීම නිසා නැවත එය ආරම්භ කළ කෙනෙක් සිටිනවා නම් ඔහුව කෙටි සම්මුඛ සාකච්ඡාවකට කැඳවන්න. නැවත පුරෝගාමි සේවය අරඹන්න මඟ පෑදුණු තත්වයන් මොනවාද? ඉන් අද්දකින ආශීර්වාද මොනවාද?
ගීතිකා අංක 6 සහ යාච්ඤාව