ඔන්ලයින් ලයිබ්‍රරි
වොච්ටවර්
ඔන්ලයින් ලයිබ්‍රරි
සිංහල
  • බයිබලය
  • ප්‍රකාශන
  • රැස්වීම්
  • km 3/11 3-4 පි.
  • පාලක මණ්ඩලයෙන් ලියුමක්

මේකට අදාළ වීඩියෝ නැහැ.

සමාවෙන්න. යම් දෝෂයක් නිසා වීඩියෝ එක ලෝඩ් කරන්න බැහැ.

  • පාලක මණ්ඩලයෙන් ලියුමක්
  • 2011 අපගේ රාජ්‍ය සේවාව
2011 අපගේ රාජ්‍ය සේවාව
km 3/11 3-4 පි.

පාලක මණ්ඩලයෙන් ලියුමක්

ප්‍රේමණීය සහෝදර සහෝදරියනි,

යෙහෝවා දෙවිගේ සෙනඟ හැටියට අද අප අද්දකින්නේ මොන තරම් ප්‍රීතියක්ද! වෙන කවරදාකටත් වඩා අපගේ පියාණන් වන යෙහෝවා දෙවි ගැන සාක්ෂි දැරීමට ඔබ සමඟ ‘එක්සත්ව’ වැඩ කිරීමට ලැබීම කොතරම් සතුටක්ද!—ශෙප. 3:9; යොහ. 14:12.

අප දෙවිට ප්‍රීතියෙන් සේවය කළත් දුක් කරදරවලට මුහුණ නොදෙන බව ඉන් අදහස් කරන්නේ නැහැ. පසුගිය සේවා වසරේදී ඔබෙන් සමහරෙක් භූමිකම්පා, ජල ගැලීම්, කුණාටු සහ වෙනත් භයානක ස්වාභාවික විපත් නිසා දැඩි දුෂ්කරතාවන්ට මුහුණ දුන්නා. (මතෙ. 24:7) තවත් බොහෝදෙනෙක් අසනීප සහ මහලු විය නිසා දිනෙන් දින දුර්වල වෙමින් සිටිනවා. ශීඝ්‍රයෙන් වැඩි වෙන්නාවූ ‘දරුණු විපත්වලට’ අප සියලුදෙනාටම මුහුණ දීමට සිදු වන බව මතක තබාගන්න. (මතෙ. 24:8) දෙවිට දක්වන විශ්වාසවන්තකම නිසා ආර්මේනියාව, එරිත්‍රියාව සහ දකුණු කොරියාව ඇතුළු තවත් රටවල සිටින අපගේ සහෝදරයන් බොහෝදෙනෙකුව සිරගත කර තිබෙනවා.—මතෙ. 24:9.

එවැනි කටුක තත්වයන් හමුවේ නොසැලී ස්ථිරව සිටීමට අපට උපකාරවත් වුණේ කුමක්ද? වර්ෂ 2010 වාර්ෂික පදයෙන් අපට මෙම වැදගත් කරුණ මතක් කර දුන්නා. ‘ප්‍රේමයෙන් ක්‍රියා කරන්නා සියල්ල විඳදරාගනියි. ප්‍රේමය සදාතනිකයි.’ (1 කොරි. 13:7, 8) ඇත්තෙන්ම ඒ කටුක තත්වයන් දරාගන්න අපට උපකාර කරන්නේ එකිනෙකා කෙරෙහිත් යෙහෝවා දෙවි කෙරෙහිත් අපට ඇති ප්‍රේමයයි.

අප නොකඩවා ලෝක ව්‍යාප්තව කරන ශුභාරංචිය ප්‍රකාශ කිරීමේ කාර්යය ගැන ක්‍රිස්තියානීන්යයි කියාගන්නා බොහෝදෙනෙක් පුදුම වෙනවා. ඔවුන් අපගේ විශ්වාසයන් හා ඉගැන්වීම්වලට එකඟ නොවුණත් සමහරුන් මෙසේ පැවසීමට පවා පෙලඹී තිබෙනවා. “ඔයාලා කරන්නේ ඇත්තටම අපි කරන්න ඕන දේවල්.” දවසේ පැය 24 පුරාම ලොව වටා සිටින යෙහෝවා දෙවිගේ සාක්ෂිකරුවන්ට ශුභාරංචිය ප්‍රකාශ කිරීමට හැකි වී තිබෙන්නේ ඇයි? ඒ ප්‍රේමය නිසයි. කිසිවෙකු විනාශ වෙනවාට අපගේ පියාණන් මෙන් අපද කැමති නැහැ. (2 පේතෘ. 3:9) අපගේ ආශාවත් සියල්ලන්ම පසුතැවිලි වෙනවාටයි. පසුගිය සේවා වසරේදී 75,08,050ක ඉහළම ප්‍රචාරක සංඛ්‍යාවක් ශුභාරංචිය ප්‍රකාශ කිරීමෙහි හවුල් වීමෙන් ඒ බව ඉතා පැහැදිලියි. එසේ උද්‍යෝගයෙන් සහ ස්වේච්ඡාවෙන් ශුභාරංචිය ප්‍රකාශ කරන සාමාජිකයන් සංඛ්‍යාවක් සිටින තවත් ආගමික සංවිධානයක් තිබෙනවාද?

යෙසායා පැවසූ මෙම අනාවැකිය දිගින් දිගටම ඉටු වන ආකාරය දැකීම අපට මොන තරම් දිරිගැන්වීමක්ද! “අවසාන කාලයේදී, යෙහෝවා දෙවිගේ ගෘහය පිහිටි කන්ද නොසෙල්වන ලෙස ස්ථිරව පිහිටුවනු ලබන්නේය. එය සියලුම කඳුවලටත් හෙල්වලටත් වඩා ඉහළින් පිහිටුවනු ලබන්නේය. ඒ කාලයේදී සියලු ජාතීහු වැල නොකැඩී ඒ කන්ද වෙතට ඇදී එන්නෝය.” (යෙසා. 2:2-4) පසුගිය සේවා වසරේදී බව්තීස්ම වූ 2,94,368දෙනාද දෙවිගේ නමස්කාරය සඳහා ඇදී එන එම අතිවිශාල සංඛ්‍යාවට අයත් වෙනවා. එම වටිනා සාමාජිකයන්ව අපගේ ලෝක ව්‍යාප්ත සහෝදර පවුලට අපි ඉතා ආදරයෙන් පිළිගන්නවා! අපේ සතුරා වන සාතන් ඔවුන්ට විරුද්ධව එල්ල කරන ප්‍රහාරවලට මුහුණ දීමට අපි දිගටම ඔවුන්ට ප්‍රේමයෙන් උපකාර කරමු.—1 පේතෘ. 5:8, 9.

වර්ෂ 2010 මාර්තු 30වන අඟහරුවාදා යේසුස්ගේ මරණය සිහි කිරීමට 1,87,06,895දෙනෙක් සහභාගි වුණා. එය මේ දක්වා සිහි කිරීමට සහභාගි වූ වැඩිම සංඛ්‍යාවයි. ඉන් පැහැදිලි වන්නේ සැබෑ නමස්කාරයට තව මිලියන ගණනක් එක් වීමට නියමිත බවයි. දෙවි තවමත් මේ දුෂ්ට සමාජය විනාශ නොකිරීම ගැන අප කොතරම් සතුටු විය යුතුද! ඒ වන තෙක් දිගටම විඳදරාගැනීමට ප්‍රේමය අපට උපකාර කරනවා.—2 තෙස. 3:5.

“යෙහෝවා දෙවිට ළංව සිටින්න” නමැති 2010දී පැවැත්වූ දිස්ත්‍රික් සමුළුවෙන් අපගේ පියාණන් වන යෙහෝවා දෙවි සමඟ අපට තිබෙන බැඳීම තවත් ශක්තිමත් වුණා. ගීතිකාකරුගේ මෙම වදන් මොන තරම් සැබෑද කියා අපිට දැනුණා. “සන්තෝෂවත් සෙනඟ වන්නේ යෙහෝවා දෙවිව තමන්ගේ දෙවි ලෙස පිළිගෙන සිටින සෙනඟය.” (ගීතා. 144:15) අනාගතයේදී අපිට කුමන තත්වයකට මුහුණ දීමට සිදු වුණත් අප යෙහෝවා දෙවිව අපේ රැකවරණය කරගන්නවා නම් බිය වීමට කිසිම හේතුවක් නැහැ. (ගීතා. 23:4) යෙහෝවා දෙවි ඉතා ළඟදීම තම පුත්‍රයා මාර්ගයෙන් “යක්ෂයාගේ ක්‍රියා සහමුලින්ම නැති කර දැමීමට” නියමිතයි. (1 යොහ. 3:8) ඒ දවස එනතෙක් අප බලා සිටින්නේ මොන තරම් ආශාවෙන්ද! එතෙක් වෙහෙස නොබලා කිරීමට අපට බොහෝ වැඩ තිබෙනවා.—1 කොරි. 15:58.

‘දිගටම දෙවිගේ ප්‍රේමය ලබාගැනීමට උත්සාහ කරන්න. ඒ අතරතුර සදාකාල ජීවනය ලබාගැනීමට මඟ පාදන අපගේ ස්වාමීන් වන යේසුස් ක්‍රිස්තුස්ගේ දයාව ගැන අපේක්ෂාවෙන් සිටින්න’ ඔබට හැකි වේවා කියා අපි පතමු. (යූද් 21) ඒ සඳහා උපකාර ඉල්ලා අප “නිතරම” දෙවිට යාච්ඤා කරනවා.—රෝම 1:9.

අපි ඔබට බොහෝ සේ ප්‍රේම කරන බව අමතක කරන්න එපා!

ඔබේ සහෝදරයෝ,

යෙහෝවා දෙවිගේ සාක්ෂිකරුවන්ගේ පාලක මණ්ඩලය

    සිංහල ප්‍රකාශන (1993-2026)
    ලොග් අවුට්
    ලොග් ඉන්
    • සිංහල
    • ලින්ක් එක යවන්න
    • සොයන ආකාරය සකස් කරගන්න
    • Copyright © 2026 Watch Tower Bible and Tract Society of Pennsylvania
    • භාවිත කිරීමේ නීති
    • පෞද්ගලික තොරතුරු රැකීම
    • Privacy Settings
    • JW.ORG
    • ලොග් ඉන්
    ලින්ක් එක යවන්න