ප්‍රීතිය ගෙන දෙන කාර්යයක්!
1. මේ කාලයේදී අපට වඩාත් තෘප්තිය ගෙන දෙන කාර්යය කුමක්ද?
1 එදා යේසුස් රෝගීන්ව සුව කරනවා දුටු ජනයා ප්‍රීතියෙන් ඉපිල ගියා. (ලූක් 5:24-26) අද දින ජනයා යෙහෝවා දෙවිව දැන හඳුනා ගනිද්දී අපත් ප්‍රීතියෙන් ඉපිල යනවා. (එළි. 22:1, 2, 17) දෙවිගේ වදන්වල හා ඔහුගේ බලයේ උපකාරයෙන් ජනයා ඔවුන්ගේ ජීවිත වෙනස් කරගෙන තිබෙන ආකාරය ගැන පළ වන අද්දැකීම් කියවීමෙන් අප මොන තරම් සතුටක් ලබනවාද! නමුත් දියුණුවක් ලබන ආකාරයෙන් බයිබල් පාඩමක් පැවැත්වීමෙන් ඊටත් වඩා තෘප්තියක් අද්දකින්න අපට පුළුවන්.
2. කෙනෙකුට බයිබල් සත්‍යයන් ඉගැන්වීමෙන් අප අද්දකින්නේ මොන වගේ ප්‍රීතියක්ද?
2 දෙවිගේ නම කුමක්ද? දුෂ්ටකම පවතින්න ඔහු ඉඩහරින්නේ ඇයි? මිනිසුන් වෙනුවෙන් දේවරාජ්‍යය කරන්නේ මොනවාද? බයිබල් ශිෂ්‍යයන් අසන එම ප්‍රශ්නවලට බයිබලයෙන් පිළිතුරු දීමෙන් පමණක් නොව ඔවුන් සත්‍යය ඉගෙනගනිද්දී අද්දකින ප්‍රීතිය දැකීමෙන් අප මහත් තෘප්තියක් ලබනවා. (හිතෝ. 15:23; ලූක් 24:32) බයිබල් ශිෂ්‍යයෙක් ක්‍රමානුකූලව දියුණු වෙද්දී ඔහුගේ ඇඳුම් පැළඳුම්, හිසකේ විලාසිතා වෙනස් කරගන්නත් නරක පුරුදු නවතා දමන්නත් දෙවිගේ නාමය භාවිත කරන්නත් අන් අයට සාක්ෂි දරන්නත් පටන්ගන්නවා. ඔහු දෙවිට කැප වී බව්තීස්මය දක්වා දියුණු වෙද්දී ඔහු අපේ සහෝදරයෙක් සහ හවුල් වැඩකරුවෙක් බවට පත් වෙනවා. ඒ සෑම පියවරක්ම අපට ගෙන දෙන්නේ මොන තරම් සතුටක්ද!—1 තෙස. 2:19, 20.
3. බයිබල් පාඩමක් පටන්ගැනීම සඳහා කළ හැකි දේවල් මොනවාද?
3 ඔබටත් හවුල් විය හැකිද? බයිබල් පාඩමක් පැවැත්වීම නමැති ප්‍රීතිමත් කාර්යයෙහි හවුල් වෙන්න ඔබත් කැමති නම් ඒ ගැන දෙවිට පවසන්න. ඔබගේ යාච්ඤාවට එකඟව ක්‍රියා කරන්න. (1 යොහ. 5:14) ජනයා වැඩියෙන් ගැවසෙන ප්‍රදේශවලත් වේලාවන්වලත් දේශනා කරන්න. සුදුසු සෑම අවස්ථාවකදීම බයිබල් පාඩමක් පටන්ගැනීමට ආරාධනා කරන්න. (දේශ. 11:6) පණිවිඩය පවසන විට උනන්දුව දැක්වූ පුද්ගලයන්වනැවත ගොස් හමු වෙන්න.—1 කොරි. 3:6-9.
4. බයිබල් පාඩම් පැවැත්වීම එතරම්ම හදිසි කාර්යයක් වන්නේ ඇයි?
4 ධර්මිෂ්ඨ ප්‍රමිතිවලට ඇල්මක් දක්වන දෙවිගේ මඟ පෙන්වීම් ලබාගැනීමට මහත් ආශාවකින් සිටින තව බොහෝදෙනෙක් සිටිනවා. (මතෙ. 5:3, 6) ඔවුන්ට උපකාර කරන්නේ කවුද? අස්වැන්න නෙළීමේ කාර්යය අවසන් වීමට පෙර දේශනා කිරීමේ හා යේසුස්ගේ ගෝලයන් වෙන්න ජනයාට උපකාර කිරීමේ කාර්යයෙහි අපි කැමැත්තෙන්ම හවුල් වෙමු.—යෙසා. 6:8.