නොවැම්බර් 1න් පටන්ගන්නා සතිය සඳහා වැඩසටහන
නොවැම්බර් 1න් පටන්ගන්නා සතිය
□ සභා බයිබල් පාඩම:
දෙවිගේ ප්‍රේමය 9 පරි. 1-12 ඡේ. සහ 115වන පිටුවේ කොටුව
□ දිව්‍යාණ්ඩු සේවා පාසැල:
බයිබල් කියවීම: 1 ලේකම් 16-20
අංක 1: 1 ලේකම් 17:1-10
අංක 2: පාපය: ආදම්ගේ පාපය නිසා සියල්ලන් දුක් විඳීමට හේතුව (16ආ බයිබල් විෂයන්)
අංක 3: දේවවචනයට අනුව සැබෑ ක්‍රිස්තියානීන් පලා යා යුතු වන්නේ කුමන දේවලින්ද?
□ සේවා රැස්වීම:
විනා. 5: නිවේදන.
විනා. 10: විවිධ පීඩා විඳදරාගැනීම. වර්ෂ 2007 ඔක්තෝබර් රාජ්‍ය සේවාවේ 9වන පිටුවේ 3වන ඡේදයේ සිට 10වන පිටුවේ 3වන ඡේදය (od-E 176 පි. 2 ඡේ.- 178 පි. 2 ඡේ.) දක්වා පදනම් කතාවක්. බරපතළ සෞඛ්‍ය ගැටලුවලට මුහුණ දුන්නත් නොකඩවා උද්යෝගයෙන් සේවයේ හවුල් වන ප්‍රචාරකයෙකුව සම්මුඛ සාකච්ඡාවකට කැඳවන්න. දිගටම සේවයේ හවුල් වීමට ඔහුට හෝ ඇයට උපකාර කළේ කුමක්ද?
විනා. 10: “නව ලොව පරිවර්තනයෙන් උපරිම ප්‍රයෝජන ගන්න”—2වන කොටස. වැඩිමහල්ලෙක් විසින් මෙහෙයවිය යුතුයි. 4වන පිටුවේ “උඩුකොමා” නමැති උපමාතෘකාවේ සිට අවසානය දක්වා ඇති සියලුම අංග ගැන සාකච්ඡා කරන්න. එමෙන්ම ඒවා භාවිත කරන ආකාරය පෙන්වන්න. එසේ කරන විට තමන්ගේ බයිබලයද ඒ ඒ තැන්වලට පෙරළා සාකච්ඡා කළ අංගවලට හුරු වන්න කියා සබයට දිරිගන්වන්න. අවසාන විනාඩි හතරේදී නව ලොව පරිවර්තනය ගැන තමන්ට හැඟෙන ආකාරය ගැන පැවසීමට සබයට ආරාධනා කරන්න.
විනා. 10: නොවැම්බර් මාසයේදී සඟරා ඉදිරිපත් කිරීමට සූදානම් වන්න. සබය සමඟ සාකච්ඡාවක්. විනාඩියකින් හෝ දෙකකින් සඟරාවල අඩංගු තොරතුරු සලකා බලන්න. ඉන්පසු ලිපි දෙකක් හෝ තුනක් තෝරාගෙන ඒවා ඉදිරිපත් කිරීම සඳහා යොදාගත හැකි ප්‍රශ්න සහ බයිබල් පද සබයෙන් විමසන්න. එක් එක් සඟරාව ඉදිරිපත් කළ හැකි ආකාරය නිරූපණය කර පෙන්වන්න.